කාර්යයන්
- වැරදි සහ වංචා වැළැක්වීම සඳහා දෙපාර්තමේන්තු තුල ක්‍රියාත්මක වන අභ්‍යන්තර සෝදිසි හා පාලන ක්‍රමය සැලැස්ම අතින් මෙන්ම තත්‍ය ක්‍රියාකාරිත්වය අතින් සාර්ථකදැයි සොයා බැලීම.
- ගිණුම් සහ වෙනත් වාර්තාවල විශ්වසනීයභාවය නිශ්චය කිරීම සහ යොදාගෙන ඇති ගිණුම්කරණ පිළිවෙත් මගින් නිවැරදි මූල්‍ය ප්‍රකාශනයන් පිළියෙල කිරීම සඳහා අවශ්‍ය තොරතුරු සැපයේදැයි සොයා බැලීම.
- කාර්ය මණ්ඩලයට පවරා දී ඇති වගකීම් ඉටු කිරීමෙහිලා ඔවුන්ගේ කාර්ය සාධනයෙහි ගුණාත්මකභාවය ඇගයීම.
- අමාත්‍යාංශයේ වත්කම්, සියළුම ආකාරයේ අලාභ හානිවලින් කොතරම් දුරට ආරක්ෂා කර ඇත්දැයි සොයා බැලීම.
- රජයේ ආයතන සංග්‍රහය, රජයේ මුදල් රෙගුලාසි සහ රාජ්‍ය පරිපාලන විෂය භාර අමාත්‍යාංශය විසින් සහ භාණ්ඩාගාරය විසින් නිකුත් කර ලැබ ඇති වෙනත් පරිපූරක උපදෙස් ද පිළිපදිනු ලැබේදැයි සොයා බැලීම.
- නාස්තිය, නිශ්කාර්ය ධාරිතාව සහ පමණ ඉක්මවා කෙරෙන වියදම් වැළැක්වීමට මෙන්ම අනාවරණය කරගැනීමට තෝරාගනු ලබන අභ්‍යන්තර පාලන ක්‍රමයේ සාර්ථකත්වය සොයා බැලීම.
- අමාත්‍යාංශයේ ගිණුම් පරිපාටිය සහ කිසියම් මුදල් වැයවීමකට තුඩු දෙන එකී මෙහෙයුම් පරික්ෂා කිරීම සහ අමාත්‍යාංශයේ දේපල හා වත්කම් ආරක්ෂාකාරී ලෙස අරපිරිමැස්මෙන් යුතුව විධිමත් ලෙස පරිහරණය කරන්නේදැයි සොයා බැලීම.
- අවශ්‍ය අවස්ථාවලදී විශේෂ විමර්ශන පැවැත්වීම.
අපේ කණ්ඩායම
![]() ප්‍රධාන අභ්‍යන්තර විගණක |