අන්තර්ජාතික ජෛවවිවිධත්ව දිනය (මැයි 22)
ජෛවවිවිධත්වය රැක ගැනීමේ අවශ්‍යතාව ප්‍රජාව තුළට ගෙනයාමේ වැදගත් පියවරක් ලෙස එක්සත් ජාතීන්ගේ ජෛවවිවිධත්ව සම්මුතිය මගින් සෑම වසරකම මැයි 22 වන දිනයඅන්තර්ජාතික ජෛවවිවිධත්ව දිනය ලෙසින් නම් කර ඇත.එක්සත් ජාතීන්ගේ ජෛවවිවිධත්ව සම්මුතියේ පාර්ශ්වකාර රටක් ලෙස එහි ජාතික කේන්ද්‍රීය ස්ථානය ලෙස කටයුතු කරනු ලබන පරිසර අමාත්‍යාංශය ජෛවවිවිධත්ව සංරක්ෂණයට වැදගත්වන්නාවූ කාලීන තේමාවන් ඔස්සේ මෙම දිනය සැමරීම සඳහා ජාතික මට්ටමින් විවිධ වැඩසටහන් සංවිධානය කරනු ලබයි.
අන්තර්ජාතික කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණ දින සැමරුම (ජූලි 26)
2015 වර්ෂයේ පැවති UNESCO සමුළුවේදී අද්විතීය, විශේෂිත සහ තර්ජනයට ලක්ව ඇති කඩොලාන පරිසර පද්ධතියෙහි වැදගත්කම පිළිබඳව දැනුවත්භාවය වැඩිදියුණු කිරීම සහ එහි තිරසර කළමනාකරණය, සංරක්ෂණය සහ භාවිතය සඳහා විසඳුම් සෙවීමට පෙළඹවීම අරමුණු කරගනිමින් සෑම වසරකම ජූලි 26 දින අන්තර්ජාතික කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණ දිනය ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව අංශයේ මූලිකත්වයෙන් සහ සියළු පාර්ශ්වකාර ආයතන සම්බන්ධ කර ගනිමින් මෙම දිනය සැමරීම සඳහා ජාතික මට්ටමින් විවිධ වැඩසටහන් සංවිධානය කරනු ලබයි.
අන්තර්ජාතික කඳුකර දිනය (දෙසැම්බර් 11)
ලෝකයේ ජෛවවිවිධත්ව උණුසුම් කලාප ආසන්න වශයෙන් භූමි ප්‍රමාණයෙන් ¼ ක් පමණ පවතින අතර ඒවා කඳුකරය ආශ්‍රිතව පවතී. කඳුකර පරිසර පද්ධතිය ජෛවවිවිධත්වය ඉතා ඉහළ අගයක් ගන්නා අතර ආවේණික ජීවී විශේෂ මෙන්ම ඉහළ ජාන සංචිතයකින්ද යුතු වේ. ලෝක ජනගහනයෙන් අඩකටත් වැඩි ප්‍රමාණයක් ජලය, ආහාර හා පිරිසිදු ශක්ති ප්‍රභවයන් ලබාගැනීම සදහා කඳුවැටි උපයෝගි කරගනු ලබයි. බිලියන එකක් පමණ ප්‍රජාව කඳුවැටි ප්‍රදේශයන්හි ජීවත් වනු දැකිය හැකිය. කඳුකරය, භූගත ජලය හා ගංඟා උල්පත් සදහා මනා රැකවරණයක් ලබාදෙමින් ජීවිතයේ පැවැත්මට මනා පිටුවහලක් ලබාදෙයි. තවද වායුගෝලීය ජලවාෂ්ප රදවා ගනිමින් ක්‍රමයෙන් භූගත ජලමට්ටම පවත්වා ගැනීමට දායක වෙමින් ජලධාරා ප්‍රදේශ ලෙසද මෙම කඳුකර පරිසර පද්ධතිය ඉතා ඉහළ මෙහෙයක් ඉටුකරයි.
මේ වනවිට ආක්‍රමණශීලි ජීවී විශේෂ පැතිරීම, වායු දූෂණය, දේශගුණ විපර්යාස, කැනීම් සිදු කිරීම, විවිධ සංවර්ධන ව්‍යාපෘති, සම්පත් අධිපරිභෝජනය, ස්වාභාවික විපත් ආදිය මගින් කඳුකරයේ ඇති සුවිශේෂීය ජෛවවිවිධත්වයට කඳුකරය ආශ්‍රිතව ඇති ස්වාභාවික සම්පත් වලට මෙන්ම කඳුකර ප්‍රජාවන් වෙත ඉතා අහිතකර බලපෑම් හා පීඩනයන් ඇතිකරමින් පවතී.
මෙම සියලු කරුණු සැලකිල්ලට ගෙන සොබාදහම හා ජීවීන්ගේ පැවැත්ම කෙරෙහි කඳුකර ප්‍රදේශ ආරක්ෂා කිරීම හා සංවර්ධනය කිරීම තුළින් විවිධ ප්රතිලාභ අත්පත් කරගැනීම අරමුණු කරගනිමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2002 වසරේ සිට දෙසැම්බර් 11 වන දිනය අන්තර්ජාතික කඳුකර දිනය ලෙස නම් කරන ලදි. ඒ අනුව සෑම වසරකම එම වසර සඳහා ප්‍රකාශයට පත්කරන තේමාව පෙරදැරි කරගනිමින් අමාත්‍යාංශයේ ජෛවවිවිධත්ව අංශය විසින් අනෙකුත් අදාල පාර්ශ්ව ආයතන පාසල් සිසුන්, හා ප්‍රජා සහභාගීත්වයෙන් වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.