small gov

සීඝ්‍ර ආර්ථික සංවර්ධනය සම්බන්ධ ප්‍රවණතා සහ ස්වාභාවික සම්පත් පදනම් යොදවා ගැනීම සම්බන්ධව සමබරතාවක් පවත්වාගෙන යමින් රටෙහි පරිසරය සහ ස්වාභාවික සම්පත් කළමනාකරණය සඳහා ශ්‍රී ලංකාවෙහි පරිසර අමාත්‍යාංශය කැපවී සිටී.

මෙම අරමුණු සපුරා ගැනීමේදී වැඩි වෙමින් පවතින මානව ජනගහනයෙහි සමාජ හා ආර්ථික හැසිරීම ප්‍රධාන තර්ජනයක් එල්ල කොට තිබේ. රටෙහි පරිසරය සහ ස්වාභාවික සම්පත් කළමනාකරණය පිණිස ප්‍රධාන ප්‍රතිපත්තීන් අමාත්‍යාංශය විසින් සකස් කොට තිබේ. මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනු ලබන්නේ රජය විසින්, නියෝජිතායතන, රාජ්‍ය නොවන සංවිධාන සහ ප්‍රජාවෙහි සහභාගිත්වයෙනි.

අමාත්‍යාංශයේ දැක්ම

“තිරසර සංවර්ධිත ශ්‍රී ලංකාවක්.”

අමාත්‍යාංශයේ මෙහෙවර

තිරසර ස්වභාවික සම්පත් කළමනාකරණය තුළින් පරිසර ආරක්ෂණය තහවුරු කරමින් තිරසර පරිසර කළමනාකරණය සඳහා නායකත්වය ලබාදීම.

 

පරිසර අමාත්‍යාංශයේ ප්‍රධාන කාර්යයන්:

❖ තිරසර සංවර්ධන ප්‍රතිපත්ති සම්පාදනයෙහි ලා උපයෙෝගී කර ගැනීම පිණිස පාර්ශවකරුවන්යේ සභාගිත්තවයෙන් පරිසර හා ස්වාභාවික සම්පත් ක්ෂේත්‍ර තුළ ඇති ගැටලු හඳුනා ගැනීම හා විශ්ලේශනය කිරීම.

❖ පරිසර හා ස්වාභාවික සම්පත් සංරක්ෂණය සම්බන්ධ ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට අදාළ පාර්ශ්වකරුවන්ට දැනුම් දීම සහ ක්‍රියාත්මක කිරීම තහවුරු කිරීම.

❖ පරිසර හා ස්වාභාවික සම්පත්වලට අනුකූල වූ ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කිරීමට හැකිවන පරිදි උපායමාර්ග හා ක්‍රියාකාරී සැළසුම් පිළියෙළ කිරීම හා නියමු ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.

❖ පරිසර හා ස්වාභාවික සම්පත්ත වලට අදාල ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ සහ තිරසර පරිසර සංකල්ප මෙන්ම ප්‍රධාන පාරිසරික ක්‍රියාදාමෙන් පිළිබඳව ජාතික මට්ටමින් ජනතාව දැනුවත් කිරීම.

❖ ශ්‍රී ලංකාව විසින් අත්සන් තබා ඇති බහු පාර්ශ්වික පාරිසරික සම්මුතින්ට අනුකූලව ශ්‍රී ලංකාව විසින් ඉටුකළ යුතු ජාත්‍යාන්තර බැඳීම් ඉටු කිරීම තහවුරු කිරීම.

❖ පරිසර හා ස්වභාවික සම්පත් ක්ෂේත්‍රයට අදාළ පසු විපරම් කිරීමේ ක්‍රමවේදයන් සැකසීම හා පසු විපරමෙන් ලැබෙන තොරතුරු මත පරිසර කළමනාකරණය සඳහා සුදුසු ක්‍රමෝපායන් යෙදීම.

❖ ප්‍රතිපත්තීන් ක්‍රියාත්තමක කිරීයම් දී පරිසරයට සිදුවන බලපෑම් පිළිබඳ පර්යේෂණ පැවැත්වීම, එම තොරතුරු විශ්ලේෂණය සහ එම තොරතුරු මහජනතාව ඇතුළු අදාළ අංශ වලට යොමු කිරීම.

❖ යහපත් වූ පරිසර කළමනාකරණ සඳහා රාජ්‍ය රාජ්‍ය නොවන අංශවල හා මහජනතාවගේ  කැපවීම සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම.