ජෛවවිවිවිධත්ව සම්මුතිය
1992 වසරේ රියෝද ජැනැයිරෝ නුවර පවත්වන්නට යෙදුණු මිහිතල සමුළුවේදී ලෝකයේ රටවල් 196ක එකඟතාවයෙන් සම්මත කරගන්නා ලද ජෛව විවිධත්ව සම්මුතියට අදාළව ශ්‍රී ලංකාවද ප්‍රධාන අරමුණූ 03ක් ඔස්සේ කටයුතු කරනු ලබයි. එනම් ජෛවවිවිධත්ව සංරක්ෂණය, එහි සංරචක තිරසාර ලෙස භාවිතා කිරීමසහ ජාන සම්පත් භාවිතයෙන් ලැබෙන ප්‍රතිලාභ සාධාරණ සහ යුක්ති සහගත අයුරින් බෙදා ගැනිම වේ. ශ්‍රී ලංකාව මෙම සම්මුතිය සඳහා 1992 ජුනි මස අත්සන් කරන ලද අතර 1994 මාර්තු මස අපරානුමැතිය සිදු කරන ලදි. පරිසර විෂය භාර අමාත්‍යාංශය මෙම සම්මුතිය පිළිබඳ ජාතික කේන්ද්‍රීය මධ්‍යස්ථානය වන අතර පරිසර අමාත්‍යාංශය යටතේ ඇති ජෛව විවිධත්ව අංශය විසින් අදාළ කටයුතුක්‍රියාවට නැංවීම සිදු කරනු ලබයි.
ජෛව සුරක්ෂිතතාවය පිළිබඳ කාර්ටිජිනා සන්ධානය
ජෛව විවිධත්ව සම්මුතියෙහි ජෛව තාක්ෂණය හා ජෛව සුරක්ෂිතතාව සම්බන්ධයෙන්ද අවධානය යොමුකර ඇත. නවීන ජෛව තාක්ෂණයේ නිෂ්පාදනයන්ගෙන්, මානව සෞඛ්‍යට සහ පරිසරයට සිදුවිය හැකි අහිතකර බලපෑම්වලින් ආරක්ෂාවීමේ අවශ්‍යතාවය ජෛව සුරක්ෂිතතා සංකල්පය මඟින් පෙන්වා දෙයි.
ජෛව තාක්ෂණ ක්ෂේත්‍රයේ මෑතකාලීන ප්‍රගතිය සහ එම තාක්ෂණය මඟින් කෘෂිකර්මය හා සෞඛ්‍ය ක්ෂේත්‍රයට අත්වන වැදගත් ප්‍රයෝජන පිළිබඳව සලකා බැලීමේදී, නවීන ජෛව තාක්ෂණයෙන් නිෂ්පාදන වන ජාන විකරණය කරන ලද ජීවීන් (Genetically Modified Organisms-GMOs) පිළිබඳව පුළුල් මට්ටමකින් සලකා බැලීම අත්‍යාවශ්‍ය වේ. ජාන විකරණය කරන ලද ජීවීන් කෙතරම් ආරක්ෂිතද යන්න සෑම අයකුගේම සිත්තුල ඇතිවන පොදු කරුණකි. මෙහිදී ජාන විකරණය කරන ලද ජීවීන්ගෙන් ඇතිවිය හැකි හානිකර බලපෑම් වලින් මානව සෞඛ්‍ය හා පරිසරය ආරක්ෂා කිරීමේ ඇති අවශ්‍යතාවය අවධාරණය කිරීම සඳහා ජෛව සුරක්ෂිතතාව ඉතාමත් අත්‍යාවශ්‍ය වේ.
ඒ අනුව ජෛව විවිධත්ව සම්මුතියේ පාර්ශවකාර සමුළුවලදී සාකච්ජා කර, ජාන විකරණය කරණ ලද ජීවීන් නිසා ජෛව විවිධත්වය තිරසාර භාවිතය සහ සංරක්ෂණයට මෙන්ම මානව සෞඛ්‍යට ඇති විය හැකි අවධානම සැලකිල්ලට ගනිමින් විශේෂයෙන්ම දේශසීමාන්තර හුවමාරුව පිළිබඳ අවධානය යොමුකරමින් එම ජීවීන් හුවමාරුව, පරිහරණය සහ භාවිතය ආරක්ෂිත ලෙස සිදුකිරීමේ අරමුණින් ලෝක ප්‍රජාවගේ සහභාගිත්වයෙන් ජෛව සුරක්ෂිතතාවය පිළිබඳ “කාර්ටිජිනා සන්ධානය” පිහිටුවා ගෙන ඇත. මෙම සන්ධානය 2000 ජනවාරි මස 29 දින සම්මත වූ අතර 2003 සැප්තැම්බර් 11 වන දින සිට ක්‍රියාත්මක කරන ලදී. මෙම සන්ධානයට 2004 මැයි මස 24 දා ශ්‍රී ලංකාව අත්සන් තබන ලද අතර එය 2004 අප්‍රේල් මස 28 දින සිට අපරානුමත කරඇත. මෙම සන්ධානයේ පාර්ශවකරුවකු වන ශ්‍රී ලංකාව ද සන්ධානයේ බැදීම් බලාත්මක කිරීම සඳහා බැදී සිටීන අතර ජෛවවිවිධත්ව සම්මුතියේ කේන්ද්‍රීය මධ්‍යස්ථානය වශයෙන් ක්‍රියාකරන පරිසර අමාත්‍යාංශය මධ්‍යස්ථානය වශයෙන් ක්‍රියාකරයි. එහි විෂය පථය යටතේ එන ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය ක්‍රියාත්මක කිරීමේ මධ්‍යස්ථානය වේ.
මේ වනවිටත් අපරට නවීන ජෛවතාක්ෂණයේ අත්දැකීම් වල මුලික අවධියේ පසුවුවත්, ශ්‍රී ලංකා රජය විසින් ජාන විකරණය කරන ලද ජීවීන් ආරක්ෂිත භාවිතය සහතික කිරීම සඳහා විවිධවූ පියවර යන් ගෙන ඇත. අප අමාත්‍යාංශයේ ජෛවවිවිධත්ව ලේකම් කාර්යාලය හා මෙම ක්ෂේත්‍රය හා සම්බන්ධ සියඵ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනයන්හී මනා දැනුමක් ඇති නිළධාරීන් හා විද්වතුන්, කලාපීය, උප කලාපීය හා ජාත්‍යන්තර මට්ටමේ විද්වතුන් ගේ සහභාගිත්වයෙන් පැවති සමුළු හා සැසිවාරයන්හිදී එළඹී තීරණයන්ට අනුව ජෛවසුරක්ෂිතතාවය පිළිබඳ කාර්ටිජිනා සන්ධානයේ බැඳීම් බලාත්මක කිරීම සඳහා කාර්යයන් දැනට ඉටුකර ඇත.
එහිදී වර්ෂ 2005 දී ක්‍රියාත්මක කරන ලද ජාතික ජෛවසුරක්ෂිතතා මූලාකෘතිය සකස් කිරීමේ ව්‍යාපෘතිය මඟින් මානව සෞඛ්‍යයට හා පරිසරයට මෙන්ම ජෛවවිවිධත්ව සංරක්ෂණය හා තිරසර පරිභෝජනය සහතික කිරීම සහ නවීන ජෛවතාක්ෂණය ආරක්ෂිත ලෙස උපයෝගී කරගැනීම උදෙසා ජාතික ජෛවසුරක්ෂිතතා මූලාකෘතිය සකස් කරන ලදී.