දේශගුණික විපර්යාස පිළිබඳ ලේකම් කාර්යාලය
අරමුණු
- දේශගුණික විපර්යාස පිළිබඳ ගැටළු ජාතික සංවර්ධන ක්‍රියාවලියට ඇතුළත් කිරීම සඳහා ජාතික වේදිකාවක් සැකසීම.
- ප්‍රතිපත්ති හා වැඩසටහන් සංවර්ධනයඇතුළු දේශගුණික විපර්යාස වලට ප්‍රතිචාර දැක්වීම සඳහා කැපවූ ආයතනික යාන්ත්‍රණය ලෙස ක්‍රියා කිරීම.
- දේශගුණික විපර්යාස පිළිබඳ ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය යාන්ත්‍රනය සැකසීම හා ප්‍රමුඛතා හඳුනාගැනීම සඳහා ජාතිකහා ප්‍රාදේශීය මට්ටමේ රේඛීය නියෝජිත ආයතන සමඟ සම්බන්ධතා පවත්වා ගැනීම.
- දේශගුණික විපර්යාස ආශ්‍රිත පර්යේෂණ සඳහා පහසුකම් සැපයීම සහප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ හා ක්‍රියාත්මක කිරීම් සඳහා පර්යේෂණ ප්‍රතිඵල බෙදා හැරීම.
- එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියේ ලේකම් කාර්යාලය සමඟ සම්බන්ධීකරණ කටයුතු සිදුකරමින් සහ පාර්ශවකරුවන්ගේ සම්මේලන සහ දේශගුණික විපර්යාස සම්බන්ධ වෙනත් සංසද සඳහා ශ්‍රී ලංකාවේ සහභාගීත්වය සම්බන්ධ ලියකියවිලි සකස් කිරීම.
- එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියෙහි පාර්ශවකරුවගේ සම්මේලන, කියෝතෝ සම්මුතිය සහ පැරිස් ගිවිසුම සම්බන්ධ රැස්වීම් වලදී ගනු ලැබූ තීරණ ක්‍රියාත්මකකිරීමට අදාළ තොරතුරු බෙදා හැරීම සඳහා පහසුකම් සැපයීම.
- විවිධ දේශගුණික විපර්යාස සම්බන්ධ ආයතන සඳහා බලයලත් අධිකාරිය ලෙස ක්‍රියා කිරීම.
කාර්යයන්
- එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියට, කියෝතෝ සම්මුතියට සහ පැරිස් ගිවිසුමට ජාතික කේන්ද්‍රීය මධ්‍යස්ථානය ලෙස ක්‍රියා කිරීම
- පවිත්‍ර සංවර්ධන යාන්ත්‍රණය සඳහා බලය ලත් ජාතික අධිකාරිය ලෙස ක්‍රියා කිරීම
- හරිත දේශගුණික අරමුදල සඳහා ජාතික බලය ලත් අධිකාරිය ලෙස ක්‍රියා කිරීම
- දේශගුණික තාක්‍ෂණ හුවමාරු මධ්‍යස්ථානය සහ ජාලය සඳහා බලය ලත් අධිකාරිය ලෙස ක්‍රියා කිරීම
- දේශගුණික විපර්යාස පිළිබඳ ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා පහසුකම් සැපයීම
- දේශගුණ විපර්යාසවල අහිතකර බලපෑම් අවම කිරීමට සුදුසු අනුහුරු වීමේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම සඳහා පහසුකම් සැපයීම
- හරිතාගාර වායු විමෝචනය අවම කිරීමට අවශ්‍ය පියවර අනුගමනය කිරීම සහ සංචිත වැඩි දියුණු කිරීම සඳහා වූ පියවර ආරම්භ කිරීම
- දේශගුණ විපර්යාස පිළිබඳ ජාතික සන්නිවේදන වාර්තාවන් සහ යාවත්කාලින කරන ලද ද්වි වාර්ෂික වාර්තාවන් එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියට ඉදිරිපත් කිරීම
- හරිතාගාර වායු විමෝචන ඉන්වෙන්ටරිය සහ පාදක මට්ටම් සැකසීම
- අදාළ සියලු අංශවල තාක්ෂණ හුවමාරුවීම් ප්‍රවර්ධනය කිරීම
- දේශගුණික විපර්යාස පිළිබඳ විද්‍යාත්මක, තාක්‍ෂණික, සමාජ ආර්ථික හා වෙනත් පර්යේෂණ ප්‍රවර්ධනය කිරීම
- දේශගුණික විපර්යාස සහ ධාරිතා වර්ධනය පිළිබඳ තොරතුරු හා දැනුම බෙදා හැරීම
Youtube Channel - https://www.youtube.com/channel/UCEIh3ZxB3nAw6L_HbEBny0Q/featured
අපේ කණ්ඩායම
ලීල් රන්දෙණි මහතා අධ්‍යක්ෂ |
සංජය කාරියවසම් මහතා
නියෝජ්‍ය අධ්‍යක්ෂ
|
කේ.කේ.ඒ. චමනි කුමාරසිංහ මිය සහකාර අධ්‍යක්ෂ |
එස්.ටී. ඉනෝකා මිය සහකාර අධ්‍යක්ෂ |
ඉරේෂා රාජපක්ෂ මිය සහකාර අධ්‍යක්ෂ |
ආර්.එස්.එස්. රත්නායක මහතා සහකාර අධ්‍යක්ෂ |