small gov

අරමුණු

  • දේශගුණික විපර්යාස පිළිබඳ ගැටළු ජාතික සංවර්ධන ක්‍රියාවලියට ඇතුළත් කිරීම සඳහා ජාතික වේදිකාවක් සැකසීම.
  • ප්‍රතිපත්ති හා වැඩසටහන් සංවර්ධනයඇතුළු දේශගුණික විපර්යාස වලට ප්‍රතිචාර දැක්වීම සඳහා කැපවූ ආයතනික යාන්ත්‍රණය ලෙස ක්‍රියා කිරීම.
  • දේශගුණික විපර්යාස පිළිබඳ ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය යාන්ත්‍රනය සැකසීම හා ප්‍රමුඛතා හඳුනාගැනීම සඳහා ජාතිකහා ප්‍රාදේශීය මට්ටමේ රේඛීය නියෝජිත ආයතන සමඟ සම්බන්ධතා පවත්වා ගැනීම.
  • දේශගුණික විපර්යාස ආශ්‍රිත පර්යේෂණ සඳහා පහසුකම් සැපයීම සහප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ හා ක්‍රියාත්මක කිරීම් සඳහා පර්යේෂණ ප්‍රතිඵල බෙදා හැරීම.
  • එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියේ ලේකම් කාර්යාලය සමඟ සම්බන්ධීකරණ කටයුතු සිදුකරමින් සහ පාර්ශවකරුවන්ගේ සම්මේලන සහ දේශගුණික විපර්යාස සම්බන්ධ වෙනත් සංසද සඳහා ශ්‍රී ලංකාවේ සහභාගීත්වය සම්බන්ධ ලියකියවිලි සකස් කිරීම.
  • එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියෙහි පාර්ශවකරුවගේ සම්මේලන, කියෝතෝ සම්මුතිය සහ පැරිස් ගිවිසුම සම්බන්ධ රැස්වීම් වලදී ගනු ලැබූ තීරණ ක්‍රියාත්මකකිරීමට අදාළ තොරතුරු බෙදා හැරීම සඳහා පහසුකම් සැපයීම.
  • විවිධ දේශගුණික විපර්යාස සම්බන්ධ ආයතන සඳහා බලයලත් අධිකාරිය ලෙස ක්‍රියා කිරීම.

කාර්යයන්

  • එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියට, කියෝතෝ සම්මුතියට සහ පැරිස් ගිවිසුමට ජාතික කේන්ද්‍රීය මධ්‍යස්ථානය ලෙස ක්‍රියා කිරීම
  • පවිත්‍ර සංවර්ධන යාන්ත්‍රණය සඳහා බලය ලත් ජාතික අධිකාරිය ලෙස ක්‍රියා කිරීම
  • හරිත දේශගුණික අරමුදල සඳහා ජාතික බලය ලත් අධිකාරිය ලෙස ක්‍රියා කිරීම
  • දේශගුණික තාක්‍ෂණ හුවමාරු මධ්‍යස්ථානය සහ ජාලය සඳහා බලය ලත් අධිකාරිය ලෙස ක්‍රියා කිරීම
  • දේශගුණික විපර්යාස පිළිබඳ ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා පහසුකම් සැපයීම
  • දේශගුණ විපර්යාසවල අහිතකර බලපෑම් අවම කිරීමට සුදුසු අනුහුරු වීමේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම සඳහා පහසුකම් සැපයීම
  • හරිතාගාර වායු විමෝචනය අවම කිරීමට අවශ්‍ය පියවර අනුගමනය කිරීම සහ සංචිත වැඩි දියුණු කිරීම සඳහා වූ පියවර ආරම්භ කිරීම
  • දේශගුණ විපර්යාස පිළිබඳ ජාතික සන්නිවේදන වාර්තාවන් සහ යාවත්කාලින කරන ලද ද්වි වාර්ෂික වාර්තාවන් එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියට ඉදිරිපත් කිරීම
  • හරිතාගාර වායු විමෝචන ඉන්වෙන්ටරිය සහ පාදක මට්ටම් සැකසීම
  • අදාළ සියලු අංශවල තාක්ෂණ හුවමාරුවීම් ප්‍රවර්ධනය කිරීම
  • දේශගුණික විපර්යාස පිළිබඳ විද්‍යාත්මක, තාක්‍ෂණික, සමාජ ආර්ථික හා වෙනත් පර්යේෂණ ප්‍රවර්ධනය කිරීම
  • දේශගුණික විපර්යාස සහ ධාරිතා වර්ධනය පිළිබඳ තොරතුරු හා දැනුම බෙදා හැරීම

Youtube Channel - https://www.youtube.com/channel/UCEIh3ZxB3nAw6L_HbEBny0Q/featured

අපේ කණ්ඩායම

L Randeniලීල් රන්දෙණි මහතා
අධ්‍යක්ෂ

03.Deputy Director Mrඅරුනෝද එන්. බෝපගමගේ මහතා 
නියෝජ්‍ය අධ්‍යක්ෂ (දේශගුණික විපර්යාස)  

ad education researchපියුමි උප්පලා බෙන්තරගේ මෙය
සහකාර අධ්‍යක්ෂ (දේශගුණික විපර්යාස)  

assistant director air resource ozone unit st inokaතිරිස් ඉනෝකා මෙය
සහකාර අධ්‍යක්ෂ (දේශගුණික විපර්යාස)

06.Assistant Director. Ms. P.M.M.Sපී.එම්.එම්.එස්. තිලකරත්න මෙය
සහකාර අධ්‍යක්ෂ (දේශගුණික විපර්යාස)

b dummyසහකාර අධ්‍යක්ෂ 
 
 
 
 

දේශගුණික විපර්යාස