කාර්යභාරය
පරිසර අමාත්‍යාංශය යටතේ අධ්‍යාපන, පුහුණු හා පර්යේෂණ අංශය 2016 වර්ෂයේදී ස්ථාපිත කරනු ලැබිණි. ස්වයං පාරිසරික වගකීම් ඇති කිරීම වෙනුවෙන් ජනතාව අතර පරිසරය සහ ස්වාභාවික සම්පත් තිරසාර ලෙස කලමනාකරණය පිළිබඳ දැනුවත්භාවය ඇති කිරීම සඳහා කටයුතු කිරීම මෙම අංශයේ ප්‍රමුඛතම කාර්යභාරය වේ.ඒ අනුව
- පාරිසරික දැනුවත්භාවය සහ ප්‍රවර්ධනය උදෙසා ක්‍රමෝපායන් සකස් කිරීම, ඒවා ක්‍රියාත්මක කිරීම හා කලින් කලට අවශ්‍ය වන්නා වූ සංශෝධන සිදු කිරීම.
- පරිසර අධ්‍යාපනය පිළිබඳව දැනුවත්භාවයක් ඇති කිරීම සඳහා දිවයිනම ආවරණය වන පරිදි පාසල්, රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන සංවිධාන, ආරක්ෂක අංශ සහ මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම සහ සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම.
- පාසල් සිසුන්,පරිසර නියමු භටයින්, පර්යේෂකයින්, පරිසර සංවිධානවල සාමාජිකයින්, රාජ්‍ය නිලධාරීන්, පරිසරවේදීන් සහ මහජනතාව සඳහා පාරිසරික තොරතුරු පහසුවෙන් ලබා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම.
- ජගත් පරිසර දින ජාතික උත්සවය සහ පරිසර සතියට අදාළ කාර්යයන් සිදු කිරීම, එම කාර්යයන් සම්බන්ධීකරණය සහ අධීක්ෂණය කිරීම.
- පාරිසරික වශයෙන් වැදගත් තේමාවක් යටතේ සහ පරිසර සංවේදී විෂය කරුණු යටතේ ප්‍රකාශන එළිදැක්වීම.
- අමාත්‍යාංශය සහ අනුබද්ධිත ආයතනවල ප්‍රකාශනවල ගුණාත්මකභාවය පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ සැපයීම.
- විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය හරහා පරිසර සංරක්ෂණ කටයුතු ප්‍රචාරණ වැඩසටහන් සකස් කිරීම සහ මාධ්‍යවේදීන් දැනුවත් කිරීම
අංශයට අදාළ විශේෂිත දින හා ඊට අදාළ විස්තර
ජගත් පරිසර දිනය - ජුනි 05
අධ්‍යාපන, පුහුණු හා පර්යේෂණ අංශයේ මූලිකත්වයෙන් සහ සම්බන්ධීකරණයෙන් සෑම වසරකම ජූනි මස 05 වන දිනට යෙදෙන ජගත් පරිසර දිනය සමරනු ලැබේ.මෙම උත්සවය සැමරීම සඳහාලංකාවේ සියලුම රාජ්‍ය ආයතන හා රාජ්‍ය නොවන ආයතන මෙන්ම පෞද්ගලික ආයතන, පාසල්, විශ්වවිද්‍යාල ආදියට බලපැවැත්වෙන පරිදි ජනාධිපති ලේකම්ගේ අත්සනින් චක්‍රලේඛයක් ද නිකුත් කරනු ලබයි.
අංශය විසින් මහජනතාවට ලබා දෙන සේවාවන්
- පරිසර සංරක්ෂණය පිළිබඳව තොරතුරු ලබාදීම සහ දැනුවත් කිරීම.
- පාසල් පුස්තකාල, විශ්වවිද්‍යාල සඳහා පරිසර ප්‍රකාශන ලබාදීම.
- අමාත්‍යාංශයේ වෙබ් අඩවිය හරහා නවතම පාරිසරික තොරතුරු, ප්‍රකාශන පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම.
- පර්යේෂකයින්, සිසුන්, මහජනතාව වෙත පරිසර තොරතුරු ලබාදෙන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාකිරීම.
අපේ කණ්ඩායම
ආර්.ටී. බුලත්සිංහල මිය අධ්‍යක්ෂ |
පියුමි බෙන්තරගේ මිය සහකාර අධ්‍යක්ෂ |
රංජිත් රාජපක්ෂ මහතා සහකාර අධ්‍යක්ෂ |
සහකාර අධ්‍යක්ෂ |
සහකාර අධ්‍යක්ෂ |