පරිසර දූෂණය පාලන හා රසායනික ද්‍රව්‍ය කළමනාකරණ අංශය
අංශයේ ප්‍රධාන කාර්යයන්
- පහත සඳහන් අන්තර් ජාතික සම්මුතීන්ගේ ක්‍රියාකාරී කේන්ද්‍රීය ලක්ෂය ලෙස ක්‍රියා කරයි
- බාසල් සම්මුතිය
- මිනාමාටා සම්මුතිය
- ස්ටොක්හෝම් සම්මුතිය
- ජාත්‍යයන්තර රසායනික කළමනාකරණය සඳහා උපාය මාර්ගික ප්‍රවේශය (SAICM)
- රොටඩෑම් සම්මුතිය - රොටර්ඩෑම් සම්මුතිය යටතේ කාර්මික රසායනික ද්‍රව්‍ය සඳහා කේන්ද්‍රීය ලක්ෂය මධ්‍යම පරිසර අධිකාරියයි
- සාමාන්‍ය හා උපද්රවකාරී අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ප්‍රතිපත්ති, උපාය මාර්ග සහ ක්‍රියාකාරී සැලසුම් සකස් කිරීම
- රසායනික ද්‍රව්‍ය හා අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ජාතික ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
- රසායනික ද්‍රව්‍ය හා අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ජාතික ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.
- පොලික්ලොරිනේටඩ් බයිෆිනයිල් (PCB) හා පොලික්ලොරිනේටඩ් බයිෆිනයිල් අඩංගු උපකරණ පරිසර හිතකාමී ලෙස කළමනාකරණය හා බැහැර කිරීමේ ව්‍යාපෘතිය
- මිනමාටා මූලික තක්සේරුව ව්‍යාපෘතිය (දෙවන අදියර)
- සාමාන්‍ය හා උපද්රවකාරී අපද්‍රව්‍ය කළමනාකරණය, පරිසර දූෂණය පාලනය, රසායනික ද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීමේ හා පුහුණු වැඩසටහන් පැවැත්වීම
- රසායනික ද්‍රව්‍ය හා අපද්‍රව්‍ය කළමනාකරණය හා පරිසර දූෂණය පාලනය කිරීම සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල හා පර්යේෂණ මධ්‍යස්ථාන සමඟ සහයෝගයෙන් පර්යේෂණ ව්‍යාපෘතියක් පැවැත්වීම.
- පරිසර දූෂණය පිළිබඳ මහජන පැමිණිලිවලට ප්‍රතිචාර දැක්වීම සහ ඒවා විසඳීමේදී අදාළ ආයතන සමඟ සම්බන්ධීකරණය කිරීම.
- ඩෙංගු වැළැක්වීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම.
- ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම
- ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රියාකාරී සැලැස්ම සකස්කිරීම හා ක්‍රියාත්මක කිරීම
- අදාළ පාර්ශවකරුවන් සමඟ අපද්‍රව්‍ය බැහැර කිරීමේ ස්ථාන (කසල කඳු) ආරක්ෂිතව වසාදැමීමේ සහ පුනරුත්ථාපන කිරීමේ අත්පොත සකස් කිරීම.
ජාත්‍යයන්තර සහ ජාතික දින සැමරුම්
- ගෝලීය ප්‍රතිචක්‍රීකරණ දිනය - මාර්තු 18
- ජාතික දෘශ්‍ය දූෂණය පිළිබඳ දැනුවත් කිරීමේ දිනය - අප්‍රේල් 29
- ගෝලීය අපද්‍රව්‍ය හසුරවන්නන්ගේ දිනය - ජූනි 17
- ජාත්‍යන්තර ප්ලාස්ටික් බෑග් වලින් තොර දිනය - ජූලි 3
- ලෝක ජල ආවේක්ෂණ දිනය - සැප්තැම්බර් 18
- ආහාර අපතේයාම සහ ආහාර අපද්‍රව්‍ය අවම කිරීම පිළිබඳ ජාත්‍යන්තර දැනුවත් කිරීමේ දිනය - සැප්තැම්බර් 29
- ජාත්‍යන්තර විද්‍යුත් අපද්‍රව්‍ය දිනය - ඔක්තෝබර් 14
- ජාතික පරිසර දූෂණය වැළැක්වීමේ සතිය - ඔක්තෝබර් 25- 31
අපේ කණ්ඩායම
මහින්ද වේරහැර මහතා අධ්‍යක්ෂ (වැඩ බලන) |
ජීවා පලුගස්වැව මිය සහකාර අධ්‍යක්ෂ |
ජීවන්ති රණසිංහ මෙය සහකාර අධ්‍යක්ෂ |