වායු සම්පත් කළමනාකරණ අංශය
වායු සම්පත් කළමනාකරණ අංශය යනු වායු ගුණාත්මක කළමනාකරණයට අදාළ සියලු පාර්ශවකරුවන් සමඟ සහයෝගයෙන් ජාතික වායු තත්ත්ව කළමනාකරණ ප්‍රතිපත්ති සහ රෙගුලාසි ක්‍රියාත්මක කිරීමේ සම්බන්ධීකරණ ආයතනයයි.මෙම යාන්ත්‍රණය යටතේ වාහන වායු විමෝචන පරීක්ෂණ වැඩසටහන අධීක්ෂණය කිරීම, ස්ථිතික ප්‍රභව විමෝචනය පාලනය කිරීම, ගෘහස්ථ වායු ගුණාත්මක කළමනාකරණයට අදාළ ක්‍රියාකාරකම්, ඉන්ධනවල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමේ වැඩසටහන්, සංසරණ වාතයෙහි ගුණාත්මකභාවය අධීක්ෂණය කිරීම සහ දැනුවත්භාවය ඇති කිරීම සිදු කෙරේ.
කාර්යය
- වායු තත්වය කළමනාකරණය සඳහා උපාය මාර්ගික කළමනාකරණය හා සම්බන්ධීකරණය සඳහා ආයතනික ව්‍යුහය ස්ථාපනය කිරීම
- ප්‍රවාහන ක්ෂේත්රයේදී සිදුවන වායු විමෝචන ඵලදායී ලෙස කළමනාකරණය
- ස්ථානීය ප්‍රභවයන්ගෙන් සිදුවන වායු විමෝචනයන් ඵලදායී ලෙස කළමනාකරණය කිරීම
- ගෘහස්ථ වායු තත්වය කළමනාකරණය
- සදාචාර විරෝධී සහ නොදැනුවත්කමින් සිදු කරන ක්‍රියාවන් කළමනාකරණය
- සුපිරිසිදු තාක්ෂණය පිරිසිදු ඉන්ධන හා ආශ්රිත ක්‍රියා අධීක්ෂණය
- වායු තත්වය පිළිබඳව අධීක්ෂණය කළමනාකරණය
- වායු තත්වය සඳහා දැනුවත් කිරීම්,අධ්‍යාපනය තොරතුරු හා දැනුමකළමනාකරණය
- පර්යේෂණ හා සංවර්ධන ධෛර්යමත් කිරීම සහ වායු දූෂණ බලපෑම් තක්සේරු කිරීම
- ඵලදායී ලෙස වායු තත්වය කළමනාකරණය සඳහා තොරතුරු මූලික දැනුම සහ මානව සම්පත් සංවර්ධනය
- වායු තත්වය කළමනාකරණය සඳහා ගෝලීය සහභාගීත්වය හා සහයෝගීතාවය
- වායු සම්පත් කළමනාකරණය සඳහා තිරසාර මූල්‍ය යාන්ත්‍රණයක්
ජාතික ඕසෝන් ඒකකය
ශ්‍රී ලංකා ජන රජය 1989 දී වියානා සම්මුතිය හා මොන්ට්‍රියල් සංධාන විධිවිධානයන් අපරානුමත (Ratified)කරන ලදඅතර ජාතික ඕසෝන් ඒකකය, එවකට ප්‍රවාහන, මහාමාර්ග, පරිසර හා කාන්තා කටයුතු අමාත්‍යංශය යටතේ පිහිටුවන ලදි. එතැන් සිට පරිසර අමාත්‍යංශය පවරා ඇති අමාත්‍යංශය යටතේ ජාතික ඕසෝන් ඒකකයක්රියාත්මක වේ.
පරිසර අමාත්‍යාංශයේ(යටතේ පවත්නා)ජාතික ඕසෝන් ඒකකය, වියානා සම්මුතියේ සහ ඕසෝන් ක්ෂයකාරී ද්‍රව්‍ය සඳහා වන මොන්ට්‍රියල් සන්ධානයේ විධිවිධාන ක්‍රියාවට නංවන ජාතික කේන්ද්‍රීය ලක්ෂ්‍යය (National Focal Point) ලෙස ක්‍රියා කරයි.
වැඩි විස්තර සඳහා www.nou.lk වෙත පිවිසෙන්න
අපේ කණ්ඩායම
එච්.ඩී.ඒ්. රුක්ෂිණි මෙය අධ්‍යක්ෂක (වා.ස.ක. සහ ජා.ඕ.ඒ.) |
නියෝජ්‍ය අධ්‍යක්ෂක |
පී.එම්.එම්.එස්. තිලකරත්න මිය සහකාර අධ්‍යක්ෂක |
ආර්.එස්.එස්. රත්නායක මහතා
සහකාර අධ්‍යක්ෂක
|