වත්මන් ශ්‍රී ලාංකිකයන් වන අප එළඹ ඇත්තේ දැවන්ත සමාජ පරිවර්තන යුගයකටයි.නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනඟාගැනීම අපගේ තීරණාත්මක හා ප්‍රමුඛතම කාර්යයක්වී ඇත. රටෙහි ඇති ස්වභාවික සම්පත් නිසි පරිදි භාවිතයට ගැනීම හා සංරක්ෂණය කෙරෙහි වගවීම අප සතු සුවිසල් කාර්යභාරයයි.රාජ්‍ය අංශය,පුද්ගලික අංශය,රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු සියළු පාර්ශව සමග එක්වී කටයුතු කරමින් සංවර්ධන මෙන්ම සංරක්ෂණ ප්‍රතිපත්තිමය තීන්දු තීරණගැනීම අපගේ වගකීමයි.
ආර්ථිකය චක්‍රීය ආර්ථිකයක් බවට පත්වීමට බලශක්ති ක්ෂේත්‍රය පුනර්ජනනීය බලශක්ති මත පදනම්වූ කලාපයක් බවට පත්කිරීමටත් ,ඉදිකිරීම් කර්මාන්තය හරිත මූලධර්ම මත පදනම් කරගනිමින් යතාර්ථවාදී ක්‍රමික ගමනක යෙදීමටත් රේඛීය අමාත්‍යාංශය හා ඊට අනුබද්ධිත ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වාගෙන ධනාත්මක ප්‍රවේශයකින් කටයුතු කිරීමටත් ඉදිරියේදී අපේක්ෂා කරමි.
‘’මිනිසා පොළවේ භාරකරු මිස අයිතිකරු නොවේ’’ යන මතය සනාථ කරමින් සමස්ත ස්වභාවධර්මය සමග සහජීවන ප්‍රවේශයේ සිට සමස්ත පරිසර පද්ධතින්හි තුලනය සුරක්ෂිතකරන ප්‍රවේශයකට විතැන්වීමේ අපේක්ෂාවෙන් පරිසර හිතකාමී ක්‍රමවේදයන් ඔස්සේ පරිසර විෂය ඉලක්ක ලඟාකර ගැනීම කෙරෙහි ද ප්‍රමුඛතාව දක්වමි.
සමාජ ආර්ථික සංවර්ධනය සහ පරිසරය අතර සමතුලිතතාව රැකෙන පරිදි ස්වභාවික සම්පත් භාවිතය,තිරසර කළමනාකරණයේදී සහභාගීත්ව ප්‍රවේශ ක්‍රමවේදය අනුගමනය කිරීම,දේශගුණික විපර්යාසවලින් ඇතිවන පීඩාවන් අවම කිරීම,දැනුම,කුසලතා,ආකල්ප හා මනෝභාවයන් මඟින් ගොඩනැගෙන නීරෝගී ජන සමාජයක් සහ තුළිත පරිසරයක් යන සංකල්ප මල්ඵල ගැන්වීමෙන් තිරසර ජෛව ලෝකයක් අනාගත ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත ලගාකරදීම උදෙසා පරිසර අමාත්‍යාංශය මෙහෙයවීමට බලාපොරොත්තු වෙමි.