හවුල්කාරීත්ව හා නව්‍ය මූල්‍යකරණ ක්‍රමවේද තුලින් ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ ජෛවවිවිධත්ව සංරක්ෂණය හා තිරසර ඉඩම් කළමනාකරණය පිළිබඳ වූ ව්‍යාපෘතිය
ව්‍යාපෘති අරමුණ: දිවයිනේ තෙත් දේශගුණික කලාපයේ පෞද්ගලික අංශයේ තේ සහ රබර් වගාවන් තුළ ජෛව විවිධත්ව සංරක්ෂණය සහ තිරසාර ඉඩම් කළමනාකරණ පිළිවෙත් ඒකාබද්ධ කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.
ව්‍යාපෘති ප්‍රදේශය: නුවරඑළිය, රත්නපුර, කළුතර, ගාල්ල, මාතර, කෑගල්ල
| සංරචකයන් | ප්‍රතිඵලය | ප්‍රතිදානය |
| සංරචක 1: තෙත් සහ අතරමැදි දේශගුණික කලාපවල ඉහළ සංරක්ෂණ වටිනාකම් සහිත වනාන්තර සංරක්ෂණය සහ ප්‍රතිෂ්ඨාපනය කිරීම |
ජෛවවිවිධත්වය පොහොසත් ඉහළ සංරක්ෂණ වටිනාකමක් ඇති වනාන්තර සහ තේ සහ රබර් වගාවන් තුළ ස්වභාවික වාසස්ථාන වැඩිදියුණු කළ සංරක්ෂණය |
1.1 වතුවල GIS දත්ත ගබඩාව සංවර්ධනය කර ඇති අතර ඉතිරිව ඇති ඉහළ සංරක්ෂණ වටිනාකමක් ඇති වනාන්තර, ස්වභාවික වාසස්ථාන සහ ඉඩම් හායනය හඳුනාගැනීම 1.2 සවිස්තරාත්මක භූමි සමීක්ෂණ සහ ජීව විද්‍යාත්මක තක්සේරු කිරීම් හරහා සංවර්ධනය කරන ලද ඉලක්ක නියමු ස්ථාන සඳහා සංරක්ෂණ සැලසුම් සකස් කිරීම 1.3 ඉලක්කගත ප්‍රදේශ සඳහා සංරක්ෂණ සැලසුම් ක්‍රියාත්මක කිරීම වේගවත් කිරීම සඳහා තාක්ෂණික උපදේශන, ව්‍යාප්ති සේවා සහ හොඳම භාවිතයන්ගේ සහාය ලබා ගැනීම 1.4 ප්‍රමුඛතා සංරක්ෂණ ප්‍රදේශ ඵලදායී ලෙස කළමනාකරණය කිරීමට සහ තිරසාර වැවිලි හා කෘෂිකාර්මික පිළිවෙත් අනුගමනය කිරීමට වතු කම්කරුවන් ඇතුළු පාර්ශවකරුවන්ගේ ධාරිතාව ශක්තිමත් කිරීම |
| 2. නවෝත්පාදන උපයෝගී කර ගනිමින් වතුකරයේ ජෛව විවිධත්ව සංරක්ෂණය සහ තිරසාර ඉඩම් කළමනාකරණය සඳහා නව්‍ය රාජ්‍ය, පෞද්ගලික හා ප්‍රජා හවුල්කාරිත්වය ලබා ගැනීම |
2: ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම සඳහා පෞද්ගලික අංශයේ මූල්‍යකරණය (අවම වශයෙන් හඳුනාගෙන ඇති 4ක්) භාවිත කිරීම සහ වතුකරයේ ඉඩම් හායනය අවම කිරීම. |
2.1 ජෛවවිවිධත්වය පොහොසත් ඉහළ සංරක්ෂණ වටිනාකමක් ඇති වනාන්තර සහ ස්වභාවික වාසස්ථාන සංරක්ෂණය කිරීම සහ සංවර්ධනය කර පරීක්ෂා කරන ලද වතු සඳහා තිරසාර විවිධාංගීකරණය කිරීම අරමුණු කරගත් රාජ්‍ය-පෞද්ගලික සහභාගීත්වය සහ මූල්‍යකරණය සඳහා අවස්ථාවන් ඇති කිරීම 2.2 ජෛවවිවිධත්ව සංරක්ෂණය සහ ඉඩම් කළමනාකරණය තුළ තිරසාර සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සංවේදී භාවිතයන් ඔවුන්ගේ වර්තමාන වැවිලි/ව්‍යාපාර ආකෘතියට ඇතුළත් කිරීම සඳහා කුඩා වතු හිමියන් සඳහා තාක්ෂණික සහාය, ව්‍යාප්ති සේවා සහ ධාරිතා සංවර්ධනය 2.3. තිරසාර නිෂ්පාදන සහ යාන්ත්‍රණ සඳහා සහතික කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සහ ජයග්‍රහණ හඳුනාගෙන ප්‍රතිලාභ ලබා දීම සඳහා යාන්ත්‍රණයක් සංවර්ධනය කිරීම 2.4 වතුකරයේ ප්‍රජාවන්ට සහ කුඩා හා මධ්‍ය පරිමාණ හිමියන්ට ප්‍රතිලාභ සැලසීම සඳහා තිරසාර ජීවනෝපාය සහ ඉඩම් පරිහරණ විවිධාංගීකරණය නිරූපණය කිරීම |
| 3. දැනුම කළමනාකරණය, ස්ත්‍රී පුරුෂ සමාජයට අනුප්‍රවාහගත කිරීම, අධ්‍යාපනය, සහ අධීක්ෂණය සහ ඇගයීම | ඵලදායී දැනුම කළමනාකරණය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුප්‍රවාහගත කිරීම සහ M&E තුළින් වැඩිදියුණු කරන ලද වතුකරයේ ජෛව විවිධත්ව සංරක්ෂණය සඳහා පුද්ගලික-රාජ්‍ය-ප්‍රජා හවුල්කාරිත්වයන් සඳහා දැනුවත් කිරීම සහ සහයෝගීතාවය | 3.1 තොරතුරු පද්ධති
3.2 පරිශීලක-හිතකාමී තොරතුරු කළමනාකරණ පද්ධතිය ස්ථාපිත කර ක්‍රියාත්මක වේ 3.3 රටේ අනෙකුත් භූ දර්ශන හරහා ව්‍යාපෘති ප්‍රවේශයන් ප්‍රතිනිර්මාණය කිරීමට සහ විශාල කිරීමට පහසුකම් සැලසීම සඳහා සංවර්ධනය කරන ලද දැනුම කළමනාකරණය සහ තොරතුරු පද්ධති 3.4 අධීක්ෂණ සහ ඇගයීම් සැලසුම් ක්‍රියාවට නංවා අනුවර්තනය කළමණාකරණය සම්මත කර ඇත |
ව්‍යාපෘතියේ ප්‍රධාන පාර්ශ්වකාර ආයතන: වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, ජාතික වැවිලි කළමනාකරණ ආයතනය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව, තේ පර්යේෂණ ආයතනය, රබර් පර්යේෂණ ආයතනය, මධ්‍යම පරිසර අධිකාරිය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා හදබිම අධිකාරිය, කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය, ප්‍රාදේශීය වැවිලි සමාගම්, දිස්ත්‍රික්ක හයක දිස්ත්‍රික් ලේකම් කාර්යාල (ව්‍යාපෘති ප්‍රදේශයේ සඳහන්), ප්‍රාදේශීය වැවිලි සමාගම් ආදිය.
ජෛව සුරක්ෂිතතාවය පිළිබඳ කාර්ටජිනා සන්ධානයට අනුගතව ජාතික ජෛව සුරක්ෂිතතා මූලාකෘතිය ක්‍රියාත්මක කිරීමේ ව්‍යාපෘතිය
නවීන ජෛව තාක්ෂණයෙන් ශ්‍රී ලංකාවට ලබාගත හැකි උපරිම ප්‍රතිලාභ අත්කර ගැනීම අරමුණු කරගනිමින් 2017 වර්ෂයේ සැප්තැම්බර් මස සිට ජෛව සුරක්ෂිතතාවය පිළිබඳ කාර්ටජිනා සන්ධානයට අනුගතව ජාතික ජෛව සුරක්ෂිතතා මූලාකෘතිය ක්‍රියාත්මක කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී. මෙම ව්‍යාපෘති සඳහා ගෝලීය පාරිසරික පහසුකම මඟින් ලබාදෙන මූල්‍යාධාර යටතේ එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහයෝගය සහිතව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරයි.
ව්‍යාපෘතියේ මුල්‍ය වටිනාකම :- ඇමරිකානු ඩොලර් මිලියන 2.3
ව්‍යාපෘති කාලය : වසර 4 (2017 – 2021)
මෙම ව්‍යාපෘතිය ප්‍රධාන සංරචක 4 කින් සමන්විත වේ.
1992 වසරේ රියෝද ජැනැයිරෝ නුවර පවත්වන්නට යෙදුණු මිහිතල සමුළුවේදී ලෝකයේ රටවල් 196ක එකඟතාවයෙන් සම්මත කරගන්නා ලද ජෛව විවිධත්ව සම්මුතියට අදාළව ශ්‍රී ලංකාවද ප්‍රධාන අරමුණූ 03ක් ඔස්සේ කටයුතු කරනු ලබයි. එනම් ජෛවවිවිධත්ව සංරක්ෂණය, එහි සංරචක තිරසාර ලෙස භාවිතා කිරීමසහ ජාන සම්පත් භාවිතයෙන් ලැබෙන ප්‍රතිලාභ සාධාරණ සහ යුක්ති සහගත අයුරින් බෙදා ගැනිම වේ. ශ්‍රී ලංකාව මෙම සම්මුතිය සඳහා 1992 ජුනි මස අත්සන් කරන ලද අතර 1994 මාර්තු මස අපරානුමැතිය සිදු කරන ලදි. පරිසර විෂය භාර අමාත්‍යාංශය මෙම සම්මුතිය පිළිබඳ ජාතික කේන්ද්‍රීය මධ්‍යස්ථානය වන අතර පරිසර අමාත්‍යාංශය යටතේ ඇති ජෛව විවිධත්ව අංශය විසින් අදාළ කටයුතුක්‍රියාවට නැංවීම සිදු කරනු ලබයි.
ජෛව විවිධත්ව සම්මුතියෙහි ජෛව තාක්ෂණය හා ජෛව සුරක්ෂිතතාව සම්බන්ධයෙන්ද අවධානය යොමුකර ඇත. නවීන ජෛව තාක්ෂණයේ නිෂ්පාදනයන්ගෙන්, මානව සෞඛ්‍යට සහ පරිසරයට සිදුවිය හැකි අහිතකර බලපෑම්වලින් ආරක්ෂාවීමේ අවශ්‍යතාවය ජෛව සුරක්ෂිතතා සංකල්පය මඟින් පෙන්වා දෙයි.
ජෛව තාක්ෂණ ක්ෂේත්‍රයේ මෑතකාලීන ප්‍රගතිය සහ එම තාක්ෂණය මඟින් කෘෂිකර්මය හා සෞඛ්‍ය ක්ෂේත්‍රයට අත්වන වැදගත් ප්‍රයෝජන පිළිබඳව සලකා බැලීමේදී, නවීන ජෛව තාක්ෂණයෙන් නිෂ්පාදන වන ජාන විකරණය කරන ලද ජීවීන් (Genetically Modified Organisms-GMOs) පිළිබඳව පුළුල් මට්ටමකින් සලකා බැලීම අත්‍යාවශ්‍ය වේ. ජාන විකරණය කරන ලද ජීවීන් කෙතරම් ආරක්ෂිතද යන්න සෑම අයකුගේම සිත්තුල ඇතිවන පොදු කරුණකි. මෙහිදී ජාන විකරණය කරන ලද ජීවීන්ගෙන් ඇතිවිය හැකි හානිකර බලපෑම් වලින් මානව සෞඛ්‍ය හා පරිසරය ආරක්ෂා කිරීමේ ඇති අවශ්‍යතාවය අවධාරණය කිරීම සඳහා ජෛව සුරක්ෂිතතාව ඉතාමත් අත්‍යාවශ්‍ය වේ.
ඒ අනුව ජෛව විවිධත්ව සම්මුතියේ පාර්ශවකාර සමුළුවලදී සාකච්ජා කර, ජාන විකරණය කරණ ලද ජීවීන් නිසා ජෛව විවිධත්වය තිරසාර භාවිතය සහ සංරක්ෂණයට මෙන්ම මානව සෞඛ්‍යට ඇති විය හැකි අවධානම සැලකිල්ලට ගනිමින් විශේෂයෙන්ම දේශසීමාන්තර හුවමාරුව පිළිබඳ අවධානය යොමුකරමින් එම ජීවීන් හුවමාරුව, පරිහරණය සහ භාවිතය ආරක්ෂිත ලෙස සිදුකිරීමේ අරමුණින් ලෝක ප්‍රජාවගේ සහභාගිත්වයෙන් ජෛව සුරක්ෂිතතාවය පිළිබඳ “කාර්ටිජිනා සන්ධානය” පිහිටුවා ගෙන ඇත. මෙම සන්ධානය 2000 ජනවාරි මස 29 දින සම්මත වූ අතර 2003 සැප්තැම්බර් 11 වන දින සිට ක්‍රියාත්මක කරන ලදී. මෙම සන්ධානයට 2004 මැයි මස 24 දා ශ්‍රී ලංකාව අත්සන් තබන ලද අතර එය 2004 අප්‍රේල් මස 28 දින සිට අපරානුමත කරඇත. මෙම සන්ධානයේ පාර්ශවකරුවකු වන ශ්‍රී ලංකාව ද සන්ධානයේ බැදීම් බලාත්මක කිරීම සඳහා බැදී සිටීන අතර ජෛවවිවිධත්ව සම්මුතියේ කේන්ද්‍රීය මධ්‍යස්ථානය වශයෙන් ක්‍රියාකරන පරිසර අමාත්‍යාංශය මධ්‍යස්ථානය වශයෙන් ක්‍රියාකරයි. එහි විෂය පථය යටතේ එන ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය ක්‍රියාත්මක කිරීමේ මධ්‍යස්ථානය වේ.
මේ වනවිටත් අපරට නවීන ජෛවතාක්ෂණයේ අත්දැකීම් වල මුලික අවධියේ පසුවුවත්, ශ්‍රී ලංකා රජය විසින් ජාන විකරණය කරන ලද ජීවීන් ආරක්ෂිත භාවිතය සහතික කිරීම සඳහා විවිධවූ පියවර යන් ගෙන ඇත. අප අමාත්‍යාංශයේ ජෛවවිවිධත්ව ලේකම් කාර්යාලය හා මෙම ක්ෂේත්‍රය හා සම්බන්ධ සියඵ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනයන්හී මනා දැනුමක් ඇති නිළධාරීන් හා විද්වතුන්, කලාපීය, උප කලාපීය හා ජාත්‍යන්තර මට්ටමේ විද්වතුන් ගේ සහභාගිත්වයෙන් පැවති සමුළු හා සැසිවාරයන්හිදී එළඹී තීරණයන්ට අනුව ජෛවසුරක්ෂිතතාවය පිළිබඳ කාර්ටිජිනා සන්ධානයේ බැඳීම් බලාත්මක කිරීම සඳහා කාර්යයන් දැනට ඉටුකර ඇත.
එහිදී වර්ෂ 2005 දී ක්‍රියාත්මක කරන ලද ජාතික ජෛවසුරක්ෂිතතා මූලාකෘතිය සකස් කිරීමේ ව්‍යාපෘතිය මඟින් මානව සෞඛ්‍යයට හා පරිසරයට මෙන්ම ජෛවවිවිධත්ව සංරක්ෂණය හා තිරසර පරිභෝජනය සහතික කිරීම සහ නවීන ජෛවතාක්ෂණය ආරක්ෂිත ලෙස උපයෝගී කරගැනීම උදෙසා ජාතික ජෛවසුරක්ෂිතතා මූලාකෘතිය සකස් කරන ලදී.