පරිසර, වනජීවී, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය, එක්සත් ජාතින්ගේ ලෝක ආහාර වැඩසටහන (WFP) සමඟ එක්ව "දේශගුණික විපර්යාස වල තීව්‍ර වන බලපෑම් මගින් අවදානමට ලක්විය හැකි ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ප්‍රජාවන්ගේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම" සඳහා වන කලාපීය ව්‍යාපෘතියක් සඳහා යෝජනාවක් අනුහුරුවීමේ අරමුදලට ඉදිරිපත් කරන ලද අතර එම ව්‍යාපෘතිය අනුහුරුවීමේ අරමුදල් මණ්ඩලය විසින් අනුමත කරනු ලැබිණි.
කලාපීය සමෝධානික ප්‍රවේශයක් යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ වියලි කලාපයේද, ඉන්දියාවේ නැගෙනහිර කලාපයේ වෙරළබඩ ප්‍රාන්ත වලද, දේශගුණික විපර්යාස වලට පාත්‍රී ප්‍රජාවගේ දේශගුණික වෙනස්වීම් වලට ඔරොත්තුදීමේ හැකියාව ශක්තිමත් කීරීම සහ ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීම ව්‍යාපෘතියේ ඉලක්කය වේ. ව්‍යපෘතිය මගින් විවිධ ජීවනෝපායන් සඳහා වඩාත් සුදුසු අනුහුරුවීමේ පියවරයන් සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම, අවසන් ග්‍රාහකයා දක්වා දේශගුණ සේවා (Last Mile Climate Services) භාවිතා කිරීමට අවදානම් කණ්ඩායම්වලට හැකියාව සැලසෙන අතර පවතින මූල්‍ය සේවා සම්බන්ධතා වැඩිදියුණු කිරීම සඳහා ද ඉවහල් වේ.
මෙම ව්‍යාපෘතිය වසර 5ක කාලසීමාවක් තුල ක්‍රියාත්මක කරනු ලබන අතර ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 13 ක පමණ මුල්‍ය ප්‍රදානයක් ශ්‍රී ලංකා හා ඉන්දීයාව වෙත ලබා දෙනු ඇත. ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ මොණරාගල, ත්‍රිකුණාමලය, මන්නාරම , මුලතිව් , වව්නියාව සහ කුරුණෑගල දිස්ත්‍රික්කයන්හි ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කීරීම සඳහා වන අවබෝධතා ගිවිසුම ශ්‍රී ලංකා රජය වෙනුවෙන් පරිසර වනජීවී, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් බී. කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සහ එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහනේ නියෝජිත හා ශ්‍රී ලංකා කාර්යාලයේ අධ්‍යක්ෂ, අබ්දුල් රහීම් සිද්දික් මහතා අතර 2024. ඔක්තෝබර් මස 10 වන දින මෙම අමාත්‍යාංශයෙදී අත්සන් කරන්නට යෙදුනි.