අපේ උරුමය සහ අනාගතය උදෙසා භූමිය වෙනුවෙන් එක්සත් වෙමු
එක්සත් ජාතීන්ගේ කාන්තාරකරණය පිටුදැකීමේ ජාත්‍යන්තර සම්මුතිය (UNCCD), කාන්තාරකරණය, ඉඩම් හායනය සහ නියඟය යන ගෝලීය අභියෝග වලට එරෙහිව ක්‍රියාකිරීම සඳහා පාර්ශවකාර රාජ්‍යයන් එකතුව 1994 දී පිහිටුවා ගන්නා ලදී.ශ්‍රී ලංකාව 1995 දී මෙම සම්මුතියේ පාර්ශ්වකරුවකු බවට පත් වූ අතර පරිසර අමාත්‍යාංශය එහි ජාතික කේන්ද්‍රිය ආයතනය ලෙස කටයුතු කරයි.
ශ්‍රී ලංකාව සිය භූමි ප්‍රමාණයෙන් 34% ක් භූමි හායනයට හෝ ඵලදායීතාව අඩුවීමේ අභියෝගවලට මුහුණ දෙයි. පසේ සාරවත් බව අඩුවීම සහ ඛාදනය වැනි ගැටළු කෘෂිකාර්මික නිෂ්පාදනයට බලපාන අතර ආසන්න වශයෙන් ඉඩම් වලින් 50% ක් හායනය වී ඇත.
නියඟය , ශ්‍රී ලංකාවේ මූලික වශයෙන් ගිනිකොණ, උතුරු මැද සහ වයඹ ප්‍රදේශ වල ජනතාවගේ ජිවනෝපායන්ට දැඩි ලෙස බලපෑම් එල්ල කරයි. එක්සත් ජාතිනගේ කාන්තාරකරණය පිටු දැකීමේ සම්මුතියේ පාර්ශවකාර රටක් ලෙස ශ්‍රී ලංකාව භූමි හායනයට හා නියඟයට එරෙහිව ක්‍රියාකිරීමේ වැදගත්කම හඳුනාගෙන ඇත.
මේ වෙනුවෙන් පරිසර අමාත්‍යාංශයේ ස්වාභාවික සම්පත් කළමනාකරණ අංශය අපගේ පාර්ශවකාර ආයතන වල ද සහභාගිත්වයෙන් යුතුව විවිධ ප්‍රතිපත්තීන්, වැඩසටහන් , ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලැබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සෑම වසරකම ජූනි මස 17 වන දින “කාන්තාරකරණය සහ නියඟය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය” ලෙස නම් කර ඇත. සැම වසරකම විවිධ තේමාවන් යටතේ මෙම දිනය සමරනු ලැබේ. භුමි හායනය වැලැක්විම, තිරසර භුමි කළමනාකරණය, නියඟය සඳහා අනුහුරුවිම පිළිබඳව ජනතාව දැණුවත් කිරිම හා ජනතාවගේ අවධානය යොමු කිරිම මෙවැනි දිනයක් ප්‍රකාශයට පත් කිරීමේ මූලික අරමුණයි. ලොව පුරා විවිධ රට වල් මෙම දිනයට සමගාමිව විවිධ වැඩසටහන් සංවිධානය කර ක්‍රියාත්මක කරනු ලබයි.
2024 වසරේ කාන්තාරකරණය සහ නියඟය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය “අපේ උරුමය සහ අනාගතය වෙනුවෙන් භූමිය උදෙසා එක්සත් වෙමු” ("United for Land. Our Legacy. Our Future.") යන තේමාව ඔස්සේ අනාගත පරම්පරාවන් සඳහා භුමිය ආරක්ෂා කිරීම සඳහා සාමූහික ක්‍රියාකිරීමේ අවශ්‍යතාව අවධාරණය කරයි.
මේ වසරේ කාන්තාරකරණය සහ නියඟය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය සැමරුම් වැඩසටහන ජූනි මස 14 වන දින පරිසර අමාත්‍යාංශයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. පරිසර අමාත්‍යාංශයේ ස්වාභාවික සම්පත් කළමනාකරණ අංශය හා වාරි මාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ඒකාබද්ධ ජලකළමනාකරණ ව්‍යාපෘතිය එක්ව මෙම සැමරුම් උත්සවය සංවිධානය කරනු ලැබේ.
මෙම වැඩසටහන යටතේ, ජනතාව දැණුවත් කිරීම අරමුණු කර ගෙන ජූනි 14 වන දින උදෑසන තිරසර භුමි කළමනාකරණය හා ජල සුරක්ෂිතාවය පිළිබඳ විදී නාට්‍යක් අමාත්‍යාංශ භුමියේ රඟ දැක්විමට කටයුතු සංවිධානය කර ඇත.
ඉන් අනතුරුව පරිසර අමාත්‍යාංශයේ නිලධාරින් හා රාජ්‍ය හා රාජ්‍ය නොවන පාර්ශවකාර ආයතන වල නිලධාරීන්ගෙ සහභාගීත්වයෙන් දැණුවත් කිරීමේ වැඩමුළුවක් පැවැත්විමට කටයුතු සංවිධානය කර ඇත.