small gov

33 3

2021 පෙබරවාරි මස 9 වනදා පවත්වන්නට යෙදුනු ගෝලීය පර්යේෂණ සඳහා වූ ආසියා-පැසිෆික් ජාලයෙහි 24 වන අන්තර් රාජ්‍ය රැස්වීමේදී පරිසර අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පාලන කමිටුවට තේරී පත් වූ අතර, පාලන කමිටු රැස්වීමේදී එතුමා එහි උප සභාපති ධුරයට අභිනවයෙන් තේරී පත් විය.

ගෝලීය පර්යේෂණ සඳහා වූ ආසියා-පැසිෆික් ජාලය (APN) යනු ආසියා-පැසිෆික් කලාපයේ ගෝලීය වෙනස්කම්වලට අදාළ ප්‍රතිපත්තිමය අරමුණුගත පර්යේෂණ හා ධාරිතාව ගොඩනැංවීමේ ක්‍රියාකාරිත්වය ප්‍රවර්ධනය කරන ආයතනයකි. මෙම ආයතනය ශ්‍රී ලංකාව ඇතුළුව ආසියා පැසිෆික් කලාපයට අයත් සාමාජික රටවල් 22කින් සමන්විත වන අතර, ශ්‍රී ලංකාව 2000 වසරේ සිට APN සමඟ ක්‍රියාකාරීව කටයුතු කරයි. පරිසර අමාත්‍යාංශය APNහි ජාතික කේන්ද්‍රීය ආයතනය ලෙස ක්‍රියා කරන අතර සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාව සඳහා APN වෙත විද්‍යාත්මක සැලසුම් කිරීමේ කණ්ඩායම ලෙස ක්‍රියා කරනු ලබයි.

මෙම තනතුර වසර 2ක් පුරා බල පැවැත්වෙන අතර ශ්‍රී ලංකාවට පාලන කමිටුවේ උප සභාපති ධුරය ලැබුණු ප්‍රථම අවස්ථාව මෙය වේ.