small gov
තරුණ පරපුර පරිසරය සුරැකීම හා සංරක්ෂණය කිරීම සඳහා සක්‍රීයව දායක කරගනිමින්, ඒ වෙනුවෙන් ඔවුන් තුළ නායකත්ව හැකියාවන් වර්ධනය කිරීමේ අරමුණින් පරිසර අධ්‍යාපන පුහුණු ප්‍රවර්ධන හා විශේෂ ව්‍යාපෘති අංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් මාලාව යටතේ ගුරු ශික්ෂණලාභීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026 නොවැම්බර් 18 දින කුලියාපිටිය තාක්ෂණවේදී ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේදී සාර්ථකව පවත්වන ලදී. මෙම වැඩසටහන යටතේ වර්තමානයේ ලෝකය මුහුණ දෙන ප්‍රධාන පාරිසරික අභියෝග කිහිපයක් පිළිබඳව ගුරු ශික්ෂණලාභීන් දැනුවත් කිරීම සඳහා විශේෂ දේශන මාලාවක් පැවැත්විණි.
 
ඒ අනුව,
  • ක්ෂුද්‍ර ප්ලාස්ටික් හා නවීන පාරිසරික තර්ජන සහ ඒවා මිනිස් සෞඛ්‍යයට ඇති කරන බලපෑම් පිළිබඳව ද,
  • දේශගුණ විපර්යාස හා එහි බලපෑම් මෙන්ම එල් නිනෝ (El Niño) සංසිද්ධිය පිළිබඳව ද,
  • ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් ව්‍යාප්තිය, භාවිතය හා ඒ ආශ්‍රිත පාරිසරික බලපෑම් පිළිබඳව ද, විද්‍යාත්මක හා තාක්ෂණික කරුණු පදනම් කරගනිමින් දැනුවත් කිරීමේ දේශන පවත්වන ලදී.
 
අනාගත පරපුරේ මඟපෙන්වන්නන් වන ගුරුවරුන් තුළ පාරිසරික දැනුම, නිවැරදි ආකල්ප හා පරිසර හිතකාමී නායකත්ව ගුණාංග වර්ධනය කිරීම තුළින් පරිසර සංරක්ෂණය සඳහා පුළුල් සමාජ දායකත්වයක් ලබාගැනීම මෙම වැඩසටහනේ අපේක්ෂාවයි.
 
* පරිසරය සුරකින දැනුවත් පරපුරක් බිහිකරමු. තිරසර හෙටක් වෙනුවෙන් අදම පෙළගැසෙමු!
 
913553742 1518842533470173 4885565153578704261 n914831859 1818567462520218 2871949759938225312 n916952911 2398207327592698 366629033305799046 n913213409 1201592398860440 4922516944034752573 n916155776 1130304059874191 5551979370676359423 n916489991 2489200158288353 494301790152993639 n