small gov

සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම - 2026 වර්ෂය

පරිසර අමාත්‍යාංශය

බත්තරමුල්ල, රොබට් ගුණවර්ධන මාවත, අංක 416/සී/1, “සොබාදම් පියස” ලිපිනයේ පිහිටි පරිසර අමාත්‍යාංශය සඳහා 2026 වර්ෂය වෙනුවෙන් පහත සඳහන් භාණ්ඩ හා සේවා සැපයීම සහ වාහන අළුත්වැඩියා කිරීම සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමට අයදුම්පත්‍ර කැඳවනු ලැබේ.

ප්‍රධාන අයිතමය

උප අයිතමය

(අ) සැපයීම්

1.     සියළුම වර්ගයේ ලිපිද්‍රව්‍ය

2.     සියළුම වර්ගයේ මුද්‍රණ වැඩ

3.     විදුලි උපකරණ

4.     කාර්යාලයීය ගෘහ භාණ්ඩ

5.     පරිගණක, මුද්‍රණ යන්ත්‍ර, පරිගණක උපාංග, ටෝනර් සහ කාට්‍රිජ් ඇතුළු සියළුම කාර්යාලයීය උපකරණ

6.     කමිස (ටී ෂර්ට්), තොප්පි ආදී ඇඳුම් මුද්‍රණය කර සැපයීම

7.     රසායනික ද්‍රව්‍ය (සේදුම් දියර හා ද්‍රව්‍ය, වායුසමන පද්ධතිය සඳහා සිසිලසකාරක ද්‍රව්‍ය)

8.     ගොඩනැගිලි ද්‍රව්‍ය

9.     වැසිකිලි පද්ධති සඳහා අවශ්‍ය සියළුම අවශ්‍ය සියළුම උපාංග සැපයීම

10.   වැඩමුළු, උත්සව සඳහා ආහාර වර්ග හා සේවා සැපයීම

11.   දොර ලොක්, අඟුළු, Door Closer, සරනේරු

12.   විදුලි සෝපාන සඳහා අවශ්‍ය බැටරි සැපයීම (UPS Battery)

13.   ගිණි නිවීමේ උපකරණ සැපයීම

14.   විදුලි බල්බ, විද්‍යුත් සවිකිරීම් උපාංග (Wall Socket ආදි) සැපයීම

15.   අන්තර්ජාල හා දුරකථන පද්ධති සඳහා අවශ්‍යය US Connect සැපයීම

16.   කාර්යාල මේස සඳහා භාවිතා කරනු ලබන යතුරු තහඩු

(ආ) සේවා

1.     පරිගණක යන්ත්‍ර හා පරිගණක මුද්‍රණ යන්ත්‍ර අළුත්වැඩියා කිරිම හා නඩත්තු කිරීම (පරිගණක යන්ත්‍ර, ඡායාපිටපත් යන්ත්‍ර, රෝනියෝ යන්ත්‍ර, වැකුම් යන්ත්‍ර, පරිගණක මුද්‍රණ යන්ත්‍ර, පරිලෝකන යන්ත්‍ර, බහුවිධ මාධ්‍ය යන්ත්‍ර)

2.     විඩියෝගත කිරීම හා ඡායාරූපකරණය/ඇල්බම් නිර්මාණය/ රූපරාමු කිරීම

3.     ග්‍රැෆික්, වෙබ් අඩවි සහ මෘදුකාංග නිර්මාණය හා වැඩිදියුණු කිරීම

4.     කාර්යාල පිරිසිදු කිරිම් සේවා

5.     ආරක්ෂක සේවා

6.     උත්සව කළමනාකරණය සහ ඒ සඳහා අවශ්‍ය උපකරණ සැපයීම

7.     රබර් මුද්‍රා සහ දින මුද්‍රා සැකසීම

8.     ගොඩනැගිල්ලේ මධ්‍යම වායු සමීකරණ පද්ධති නඩත්තුව හා අළුත්වැඩියාව

9.     ගොඩනැගිල්ලේ සිවිල්, විදුලි, ජලනල හා යාන්ත්‍රික නඩත්තු හා අලුත්වැඩියා කටයුතු

10.   අන්තර්ජාල හා දුරකථන පද්ධති නඩත්තු කටයුතු

11.   ලී බඩු අලුත්වැඩියා කටයුතු

12.   ගිනි නිවීමේ පද්ධති නඩත්තුව හා අලුත්වැඩියාව

13.   පිටත හා උද්‍යාන අලංකරණ කටයුතු

14.   විසිතුරු පැළ සැපයීම හා නඩත්තුව

15.   ආරක්ෂිත කැමරා පද්ධති නඩත්තුව

16.   Split Ac නඩත්තුව හා අලුත් වැඩියාව

17.   අභ්‍යන්තර ඇමතුම් පද්ධති නඩත්තුව හා අලුත්වැඩියාව

18.   ශබ්ද පරිපාලන පද්ධති නඩත්තුව හා අලුත් වැඩියාව

(ඇ) වාහන අළුත්වැඩියාව

1.     වාහන සඳහා ටයර්, ටියුබ්, රිමිටේප් සැපයීම හා සවිකිරීම, රෝද සමබර කිරීම හා ඊට අදාළ කටයුතු

2.     වාහන සඳහා බැටරි සැපයීම හා සවිකිරීම

3.     සියළුම වර්ගයේ අළුත්වැඩියාවන් (කාර්මික, විදුලි හා පින්තාරු ඇතුළත්ව)

4.     වාහන වායුසමන පද්ධතිය අළුත්වැඩියා කිරීම

5.     වාහන කුෂන් වැඩ/ ෂීට් කවර යෙදීම හා කාපට් කිරීම

6.     වාහන සේවා කිරීම

7.     වාහනවල ස්ටිකර් ඇලවීම, ටින්ටඩ් කිරීම ආදිය

8.     වාහන ඇදගෙන යාමේ හෝ පටවාගෙන යාමේ සේවාව

(Break Down Service/Carrier Service)

සැපයුම්කරුවන් ලෙස ලියාපදිංචි වීමට අදාළ උපදෙස් සහ කොන්දේසි :

  1. සෑම අයදුම්පතක් සමඟම ව්‍යාපාර ලියාපදිංචි සහතිකය අමුණා තිබිය යුතුය
  2. ඇණවුම්වලට අදාල භාණ්ඩ මෙම අමාත්‍යාංශය වෙත නොමිලේ ප්‍රවාහනය කළ යුතුය
  3. සැපයුම්කරුවන් වශයෙන් ලියාපදිංචි වීමෙන් පසු මෙම අමාත්‍යාංශය විසින් ලබා දෙනු ලබන සේවාවන් නිසි පරිදි ඉටුකිරීමට අපොහොසත් වුවහොත්, එවැනි කරුණු ඉදිරි වර්ෂවලදී සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමේ දී සළකා බලනු ලැබේ.
  4. ලියාපදිංචි වීමෙන් පසු, මෙහි සඳහන් කොන්දේසි උල්ලංඝනය කරන්නන්, ලියාපදිංචි සැපයුම්කරුවන්ගේ ලේඛනයෙන් ඉවත් කරනු ලැබේ.
  5. පෙර වර්ෂවල මෙම අමාත්‍යාංශයේ ලියාපදිංචි වී සිටිම 2026 වසර සඳහා ලියාපදිංචි වීමක් ලෙස නොසළකන අතර ඔවුන් 2026 වසර සඳහාද නැවත ලියාපදිංචි විය යුතුය.
  6. සැපයීම්, සේවා සහ වාහන අළුත්වැඩියා කිරීම යන ප්‍රධාන අයිතමයන් යටතේ වූ උප අයිතමයන් සඳහා වෙන වෙනම අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය. එම එක් එක් උප අයිතමය සඳහා ආපසු නොගෙවන ලියාපදිංචි ගාස්තුව ලෙස රු.1,500/- ක මුදලක් ගෙවිය යුතුය.
  7. 12.03 දින සිට 2025.12.24 දින දක්වා පෙ.ව.9.00 සිට පව 3.00 දක්වා වූ කාර්යාලයීය වේලාවන් තුළදී පහත ලිපිනයේ පිහිටි මෙම අමාත්‍යාංශයේ සරප් අංශයට මුදල් ගෙවා, ලියාපදිංචි වීම සඳහා අයදුම්පත් ලබා ගත හැක.
  8. අයදුම්පතේ අංක 06 යටතේ සඳහන් ප්‍රධාන අයිතමය, උප අයිතමය හා උප අයිතමය පිළිබඳ විස්තරය සඳහන් කිරීමේදී නිසි පරිදි සැළකිලිමත් විය යුතුය.

       උදා : ප්‍රධාන අයිතමය                                 උප අයිතමය              උප අයිතමය පිළිබඳ විස්තරය

       (අ)                                                           01                            සියළු වර්ගයේ ලිපිද්‍රව්‍ය

  1. නිසි ලෙස සම්පූර්ණ කරන ලද අයදුම්පත් 20212.26 දින ප.ව.2.30ට හෝ එයට පෙර ලැබෙන සේ, ලේකම්, පරිසර අමාත්‍යාංශය, “සොබාදම් පියස”, අංක 416/සී/1, රොබට් ගුණවර්ධන මාවත, බත්තරමුල්ල යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ ඉහත ලිපිනයේ පිහිටි අමාත්‍යාංශයේ පළමු මහලේ පිහිටා ඇති ගිණුම් අංශය තුල ඇති ටෙන්ඩර් පෙට්ටියට බහාලීම සිදුකළ යුතුය.
  2. අයදුම්පත් බහාලන කවරයේ වම්පස ඉහළ කෙළවරේ “සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම - 2026” යනුවෙන්ද, ඊට පහළින් ප්‍රධාන අයිතමය හා උප අයිතමය ද සඳහන් කළ යුතුය.

      උදා : සැපයුම්කරුවන් ලියාපදිංචි කිරිම - 2026

      සැපයිම් - 05 - පරිගණක, මුද්‍රණ යන්ත්‍ර, පරිගණක උපාංග, ටෝනර් සහ කාට්‍රිජ් ඇතුළු සියළුම කාර්යාලයීය උපකරණ

  1. අයදුම්පත පරික්ෂා කිරීමෙන් පසු, හේතු ඉදිරිපත් නොකර, ඒවා භාරගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය අමාත්‍යාංශයේ ලේකම් සතුය.
  2. මේ පිළිබඳ වැඩි විස්තර, ගණකාධිකාරි (සැපයීම්) ගේ දුරකතන අංක 011-2034119 හෝ අමාත්‍යාංශයේ ගිණුම් අංශයේ දුරකතන අංක 011-2034120 මගින් ලබාගත හැක.
  3. සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමේ අයදුම්පත අමාත්‍යාංශයේ වෙබ් අඩවිය https://www.env.gov.lk වෙතින් බාගත කර ගැනීම සිදු කල හැකි අතර, අදාල ලියාපදිංචි ගාස්තු ගෙවීම අමාත්‍යාංශයේ සරප් අංශයට පමණක් සිදුකළ යුතුය.

 

ලේකම්,

පරිසර අමාත්‍යාංශය,

සොබාදම් පියස,

අංක 416/සී/1,

රොබට් ගුණවර්ධන මාවත,

බත්තරමුල්ල.

 

Registration of Suppliers - 2026 Specimen Application: *APPLICATION FORM*