“සොබා චලන සිතුවම්” කෙටි චිත්රපට තරඟාවලියේ හා “සොබා සේයා” පාරිසරික ඡායාරූප තරඟාවලියේ ජයග්රාහක ජයග්රාහිකාවන් වෙනුවෙන් සම්මාන හා සහතික පත්ර ප්රදානෝත්සවය 2025 දෙසැම්බර් මස 15 වන දින පරිසර අමාත්යාංශ ශ්රවණාගාරයේදී ගරු පරිසර අමාත්ය වෛද්ය ධම්මික පටබැඳි මැතිතුමාගේ ප්රදානත්වයෙන් හා ගරු පරිසර නියෝජ්ය අමාත්ය භූ විද්යාඥ ඇන්ටන් ජයකොඩි මැතිතුමාගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.
සොබා චලන සිතුවම් කෙටි චිත්රපටි තරඟාවලිය විවෘත හා පාසැල් යන අංශ දෙක නියෝජනය කරමින් පැවති අතර එහිදී ලංකාව පුරා විසිර සිටින තරඟකරුවන් බොහෝ පිරිසක් ඒ සඳහා සහභාගී වූහ. එහිදී ප්රථම, දෙවන, තෙවන ස්ථාන ඇගයීමට ලක්වූ අතර කුසලතා සම්මාන ද පිරිනමන ලදී. “සොබා සේයා" ඡායාරූප තරඟාවලිය සඳහා ඉදිරිපත් කර තිබූ ඡායාරූප දහසකට අධික ප්රමාණයක් අතුරින් වට කිහිපයක තරඟ විනිශ්චයකින් අනතුරුව ප්රථම, දෙවන, තෙවන ස්ථානයන් හා විශේෂ කුසලතා සඳහා ඡයාරූප 10ක් හා කුසලතාවන් වෙනුවෙන් ඡායාරූප 30ක් ද තෝරාගත් අතර ඒ සඳහා සම්මාන හා කුසලතා සහතික පත්ර පිරිනමන ලදී.
මෙහි විශේෂ අවස්ථා කිහිපයක් පහතින් දැක්වේ.

















