small gov

wed 2024 e1

1972  ජුනි 5  සිට 16 දින දක්වා ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර පැවැති මානව පරිසරය සුරැකීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සමුළුවේ සමාරම්භක දිනය සනිටුහන් කිරීම සදහා සෑම වසරකම ජුනි 05 වන දින ජගත් පරිසර දිනය ලෙස ප්‍රකාශයට පත් කරන ඇත.

එතැන් සිට දශක පහකට වැඩි කාලයක් පරිසරය ආරක්ෂා කර සංරක්ෂණය කිරීම පිළිබඳව ලෝකවාසී ජනතාව දැනුවත් කිරීමට හා දිනෙන් දින පැන නගින ගෝලීය පාරිසරික ගැටළු පිළිබඳව ලෝක නායකයින් හා  ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ අවධානය යොමු කිරීමේ අරමුණින්, එක් එක් වර්ෂයන්හිදී විශේෂිත තේමා යටතේ ජගත් පරිසර දිනය සමරනු ලබයි.

එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහන විසින් මෙම වසරේ  ජගත් පරිසර දින තේමාව ලෙස Land Restoration, Desertification and Drought Resilience   යන්න ඉදිරිපත් කර ඇත.  ඒ අනුව “ ඵලදායී භූමි පරිහරණයෙන් සුවදායී දෙරණක්  යන ජාතික තේමාව යටතේ ශ්‍රී ලාංකික අප ජගත් පරිසර දිනය සැමරනු ලැබීය.

ජගත් පරිසර දින සැමරුම් වැඩසටහන” යන මැයෙන් යුතුව ඉදිරිපත් කර අනුමැතිය ලැබී ඇති අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුව ජගත් පරිසර දින ජාතික සැමරුමට සමගාමීව ජාතික පරිසර සතිය” 2024 වර්ෂයේ මැයි 30 සිට ජූනි 05 දක්වා   ප්‍රකාශයට පත් කල අතර, එම සතියෙහි  දිනයන් පහත පරිදි නම් කර තිබුණි.

මැයි 30   තිරසර ඉඩම් කළමනාකරණ දිනය   

මැයි 31   වායු දුෂණය හා එහි අහිතකර බලපෑම් අවම කිරීමේ දිනය

ජුනි  01   ජලය හා ජල මූලාශ්‍ර සංරක්ෂණ දිනය

ජුනි  02   ජෛව විවිධත්වය සංරක්ෂණ දිනය

ජුනි  03  පරිසර පවිත්‍ර කිරීමේ දිනය

ජුනි  04   ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ දිනය

ජුනි  05   රුක්රෝපණය හා ජගත් පරිසර දින ජාතික සැමරුම

     

මෙයට සමගාමීව ජාතික පරිසර සතිය තුළදී රාජ්‍ය ආයතන, පාසල්, පෞද්ගලික අංශය, වැවිලි සමාගම් හා වතු ක්ෂේත්‍රය, රාජ්‍ය නොවන සංවිධාන, සිවිල් සංවිධානවල මූලිකත්වයෙන් ප්‍රජාවගේ සහභාගීත්වයෙන් පරිසර සංරක්ෂණ වැඩසටහන් රටපුරා ක්‍රියාත්මක කෙරිනි.

මෙහි ජාතික  සැමරුම් උළෙල පරිසර අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ ආයතනවල අනුග්‍රාහකත්වයෙන් ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ,දේශපාලන අධිකාරියේ ,රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල සහභාගීත්වයෙන් 2024 ජුනි 05 දින ජනාධිපති කාර්යාලයේදී පවත්වන්නට යෙදුනි.

එහිදී සිදුකරන ලද විශේෂිත වැඩසටහන් අතර පහත ක්‍රියාකාරකම් විශේෂිත වේ.

  • පරිසර අමාත්‍යාංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා විසින් ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත සොබා සඟරාව පිළිගැන්වීම
  • ගරු ජනාධිපතිතුමා විසින් පාසැල් පරිසර නියමුවන් සඳහා පරිසර පදක්කම් පැළදවීම
  • වරණගලවත්ත පරිසර පද්ධතියේ දිගුකාලීන පැවැත්ම වෙනුවෙන් නීතිමය රැකවරණයක් ලබා දෙමින් ,මතු පරපුරේ උරුමය වෙනුවෙන් 1980 අංක 47 ජාතික පාරිසරික පනතේ බලතල ප්‍රකාර ,පාරිසරික ආරක්ෂක ප්‍රදේශයක් ලෙස ගරු ජනාධිපතිතුමන් අතින් ප්‍රකාශයට පත්කිරීම
  • ප්‍රතිපත්තිමය දිශානතියක් ඔස්සේ රාජ්‍ය ප්‍රසම්පාදනය හරිතකරණය මඟින් රාජ්‍ය අංශයට නව මුහුණුවරක් එක් කිරීමේ අරමුණින් හදුන්වාදෙනු ලබන ජාතික  හරිත ප්‍රසම්පාදන ප්‍රතිපත්තිය ගරු ජනාධිපතිතුමන් අතින් එළිදක්වනු ලැබීම.
  • හොදම හරිත දුම්රිය ස්ථානය තේරීමේ තරඟයේ ජයග්‍රාහකයන් සදහා තිලිණ ප්‍රදානය
  • හොදම හරිත දුම්රිය ස්ථානය -පළමු ස්ථානය -ඇල්ල දුම්රිය ස්ථානය හිමිකරගත් අතර,
  • හොදම හරිත උප දුම්රිය ස්ථානය -හෝමාගම රෝහල පාර උප දුම්රිය ස්ථානය
  • ඉහල කෝට්ටේ,ත්‍රිකුණාමලය,හැටන්,අහුන්ගල්ල,උකුවෙල හොදම හරිත දුම්රිය නැවතුම් කුසලතා සම්මාන ලබාගත්තේය.
  • පාසැල් සඳහා ඛනිජ මංජුසා ප්‍රදානය කිරීම
  • පරිසර හිතකාමී කැණීම් බලපත්‍රලාභීන් සඳහා ඇගයීම් සහතික පත්‍ර ප්‍රදානයද

 මෙහිදී  සිදුවිය.

එවැනි පරිසර හිතකාමී සත් කාර්යයන් රැසක් අනාගත පරපුර වෙනුවෙන් තිළිණ කරමින් ජගත් පරිසර දින ජාතික සැමරුම පවත්වන ලදි.

 wed 2024 e2 wed 2024 e3wed 2024 e4wed 2024 e5wed 2024 e6wed 2024 e7wed 2024 e8wed 2024 e9wed 2024 e10wed 2024 e11wed 2024 e12wed 2024 e13wed 2024 e14wed 2024 e15wed 2024 e16wed 2024 e17wed 2024 e18wed 2024 e19wed 2024 e20wed 2024 e21wed 2024 e22wed 2024 e23wed 2024 e24wed 2024 e25wed 2024 e26wed 2024 e27wed 2024 e28wed 2024 e29wed 2024 e30wed 2024 e31wed 2024 e32wed 2024 e34wed 2024 e35wed 2024 e36