ශ්‍රී ලංකාවේ පාරිසරික සංවේදී ප්‍රදේශ (ESA) පිළිබඳ ජාතික ප්‍රතිපත්ති සදහා වු අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව, මෙම ජාතික ප්‍රතිපත්තිය පරිපාලනය, ක්‍රියාත්මක කිරීම සහ අධීක්ෂණය කිරීම, හඳුනාගත් පාරිසරික සංවේදී ප්‍රදේශ ප්‍රකාශ කිරීම කළමනාකරණය සහ මඟ පෙන්වීම උදෙසා ඒකාබද්ධ ජාතික මෙහෙයුම් කමිටුව ස්ථාපිත කරන ලදී. ජාතික ජෛව විවිධත්ව උපාය මාර්ගික ක්‍රියාකාරී සැලසුම් (NBSAP) සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ මාර්ගෝපදේශ සැපයීමට සහ තීරණ ගැනීමට අමතරව මෙම කමිටුව වෙත ඉහත වගකීම් පැවරී ඇත. ඒකාබද්ධ ජාතික මෙහෙයුම් කමිටුවේ පලමු රැස්වීම 2024 මැයි 17 වන දින පරිසර අමාත්‍යාංශයේ ලේකම්තුමාගේ සභාපතීත්වයෙන් හා මෙහෙයුම් කමිටු සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. මෙම රැස්වීමේදී, පාරිසරික සංවේදී ප්‍රදේශ පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය, පාරිසරික සංවේදී ප්‍රදේශ (ESAs) පාලනය කිරීමේ රාමුව, සත්ත්ව විශ්ලේෂණය මත පදනම්ව හඳුනාගත් පාරිසරික සංවේදී ප්‍රදේශ සම්මත කර ගැනීම සහ ඉදිරි ගමන්මග පිළිබඳව සාකච්ඡා කෙරිණි.