“ජෛවවිවිධත්ව සංරක්ෂණ සැලැස්මේ කොටස් කරුවෙකු වෙමු“ යන තේමාව පෙරදැරිව 2024 අන්තර්ජාතික ජෛවවිවිධත්ව දිනය සැමරීමේ ජාතික වැඩසටහන, ජෛවවිවිධත්වයට ප්‍රධාන තර්ජනයක් වී ඇති ආක්‍රමණශීලී ආගන්තුක ජීවී විශේෂ පාලනය සහ කළමනාකරණය මුල් කොටගෙන සිදුකිරීමට පරිසර අමාත්‍යාංශයේ ජෛවවිවිධත්ව ලේකම් කාර්යාලය සැලසුම් කර ඇත.
මෙහි ප්‍රධාන වැසටහන 2024 මැයි මස 22 වන දින පෙ.ව. 9.30 ට ගරු පරිසර රාජ්‍ය අමාත්‍යතුමාගේ, ප්‍රධානත්වයෙන් සහ පරිසර අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්, සම්භාවනීය අමුත්තන්, රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන සංවිධාන, පෞද්ගලික අංශය, පරිසර සංවිධාන, තරුණ කණ්ඩායම්, විශ්ව විද්‍යාල හා පාසැල් සිසුන්ගේ සහභාගීත්වයෙන් හොර්ටන්තැන්න ජාතික උද්‍යානයේ පැතිර පවතින ආක්‍රමණශීලී ආගන්තුක ජීවී විශේෂයක් වන Ulex europaeus ඉවත්කරමින් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.