සෑම වසරකම ජුනි මස 17 දිනට යෙදී ඇති ජගත් කාන්තාරකරණය වැළැක්වීමේ දිනය හා සමගාමීව මෙම වසරේ පරිසර අමාත්‍යාංශය යටතේ හා ඒ යටතේ ක්‍රියාත්මකවන සුවදායී භූමි දර්ශ ව්‍යාපෘතිය අනුග්‍රහයෙන් අනුරාධපුරය කේන්ද්‍රගත කර ගනිමින් සැමරුම් උළෙලක් පවත්වන ලදී.
එක්සත් ජාතීන්ගේ කාන්තාරකරණය හා නියඟය පිටුදැකීමේ සම්මුතිය (UNCCD) මගින් මෙම වසරේ ජගත් කාන්තාරකරණය වැළක්වීමේ සැමරීමේ දින තේමාව ලෙස "Her Land, Her Rights" යනුවෙන් නම් කර ඇති අතර, ඒ අනුව යමින් පරිසර අමාත්‍යංශයේ ස්වභාවික සම්පත් කළමනාකරණ අංශය විසින් "තිරසාර භුමි කළමනාකරණය සහ ඒ සඳහා කාන්තාවගේ දායකත්වය" යන තේමාව යටතේ " ලිය සවිය" නමින් සාම්ප්‍රදායික අහාර හා දේශීය නිෂ්පාදන ප්‍රවර්ධන කිරීමේ ප්‍රදර්ශනයක් හා දැනුවත් කිරීමේ වැඩසටහනක් 2023.06.17 දින අනුරාධපුර මහනගරසභා ප්‍රජාශාලා අංක 02 හා ඒ පරිශ්‍රයේදී පැවැත්විනි.