පිරිසිදු වාතය මිනිස් සෞඛ්ය සහ යහපැවැත්මේ මූලික අවශ්යතාවයකි. කෙසේ වෙතත්, "වායු දූෂණය" ශ්රී ලංකාව ඇතුළු ලෝකයේ ප්රධාන නගර සියල්ලටම පොදු ගැටළුවක් වන අතර එය ලොව පුරා සෞඛ්යයට සැලකිය යුතු තර්ජනයක් එල්ල කරමින් පවතී. නයිට්රජන් ඔක්සයිඩ (NOx), දහනය නොවූ හයිඩ්රොකාබන, සල්ෆර් ඔක්සයිඩ (SOx), කාබන් මොනොක්සයිඩ් (CO), සහ අංශුමය ද්රව්ය (PM) වැනි වායු දූෂකවලට දිගු හා කෙටි කාලීන නිරාවරණය වීම හේතුවෙන් විවිධ මානව සෞඛ්ය බලපෑම් ඇති කරන අතර ප්රධාන වශයෙන් ශ්වසන සහ හෘද රෝග, විශාල වශයෙන් වෙනත් සෞඛ්ය සංකූලතා ඇති කරන අතර රෝගාබාධ හා මරණ අනුපාතය වැඩි වීම සඳහාද හේතු වී ඇත.
ශ්රී ලංකාවේ ප්රථම විස්තීරණ අඛණ්ඩ වායු තත්ත්ව අධීක්ෂණ වැඩසටහන 1997 දී මුලික වශයෙන් ආරම්භ කරන ලද අතර පසුව ස්වයංක්රීය වායු තත්ත්ව අධීක්ෂණ පද්ධතියක් සහිත කොළඹ වායු දූෂක අඛණ්ඩව මැනීමේ නිර්ණායක මගින් පවත්වා ගෙන යන ලදී. පසුව, උදාසීන නියැදි තාක්ෂණය ( passive sampling technology) සහ සංවේදක පදනම් වූ උපකරණ ( sensor based equipment ) භාවිතයෙන් වායු තත්ත්ව අධීක්ෂණ වැඩසටහන ආරම්භ කරන ලදී. පසුව වායු තත්ත්ව අධීක්ෂණ වැඩසටහන සඳහා මධ්යම පරිසර අධිකාරියේ මෙහෙයවීමෙන් බත්තරමුල්ල සහ මහනුවර නගරයන්හි 2019 වසරේ ස්වයංක්රීය අධීක්ෂණ ස්ථාන දෙකක් සහ දැනට කොළඹ මහ නගර සභා (CMC) බල ප්රදේශයේ පිහිටා ඇති ජාතික ගොඩනැගිලි පර්යේෂණ මධ්යස්ථානය විසින් මෙහෙයවනු ලබන 2020 දී ස්ථාපිත ජංගම සංසරණ වායු තත්ත්ව අධීක්ෂණ මධ්යස්ථානය එක් කරන ලදී. ජාතික ගොඩනැගිලි පර්යේෂණ මධ්යස්ථානය වායු දූෂණය අධීක්ෂණය සඳහා සංවේදක (sensors) කළමනාකරණය කරන අතර උදාසීන නියැදීමේ තාක්ෂණය (passive sampling technique) භාවිතයෙන් වායු දූෂක මැනීම ද සිදු කරයි.
සංසරණ වායු තත්ත්ව අධීක්ෂණය ( Ambient Air Quality Monitoring ) මගින් අවට වාතයේ ගුණාත්මකභාවය ඇගයීම, වායු දූෂක ප්රවණතා විශ්ලේෂණය කිරීම සහ පාලන උපාය මාර්ගවල සඵලතාවය ඇගයීම හරහා සාක්ෂි පදනම් කරගත් ප්රතිපත්ති සම්පාදනය කිරීම සඳහා අත්යවශ්ය මෙවලමකි. වායු දූෂණයේ අහිතකර බලපෑම්වලින් මහජනතාව ආරක්ෂා කිරීම සඳහා වාතයේ ගුණාත්මකභාවය මැනීම අඛණ්ඩව සිදු කරනු ලැබිම අත්යවශ්යවේ.
මේ සඳහා ප්රංශ සංවර්ධන නියෝජිතායතනය (AFD) කොළඹ නාගරික ප්රදේශයේ වායු තත්ත්ව කළමනාකරණය සම්බන්ධයෙන් තාක්ෂණික ආධාර වැඩසටහනක් ක්රියාත්මක කිරීම සඳහා යුරෝ 300,000 ක ප්රදානයක් ලබා දීම සඳහා වන ගිවිසුම පරිසර අමාත්යංශයේදී අද දින ගරු පරිසර අමාත්ය නසීර් අහමඩ් මහතාගේ හා ශ්රී ලංකාවේ ප්රංශ තානාපති ගරු ජොං-ෆ්රැන්සුවා පැක්තෙ මහතාගේ, ප්රධානත්වයෙන් පරිසර අමාත්යංශ ලේකම් අනිල් ජාසින්හ මහතා හා ප්රංශ සංවර්ධන නියෝජිතායතනයේ ශ්රී ලංකා අධ්යක්ෂ රේඩා සුයිර්ගි මහතා විසින් අත්සන් කරන ලදී.
AFD අරමුදල් මඟින් මාස 24ක තාක්ෂණික ආධාරයක් සඳහා මූල්ය සම්පාදනය කරනු ලබන අතර මුළු ව්යාපෘති පිරිවැය € 300 000 කි.





