හරිත දේශගුණ අරමුදලේ ජාතික බලයලත් අධිකාරිය ලෙස පරිසර අමාත්‍යංශයේ දේශගුණ විපර්යාස ලේකම් කාර්යාල විසින් ශ්‍රී ලංකාවේ දේශගුණ විපර්යාස බලපෑම් සඳහා අනුහුරුවීමේ ජාතික සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා සුදානම් කිරීමේ ව්‍යාපෘතිය (National Adaptation Plan Readiness Support Project) සඳහා මුල්‍ය පහසුකම් බෙදා හැරීමේ හවුල්කරු ලෙස ගෝලීය හරිත වර්ධන ආයතනය (Global Green Growth Institute) නම්කර ඇත. මෙම ව්‍යාපෘතියේ නිල සමාරම්භක උත්සවය 2021 නොවැම්බර් මස දේශගුණ විපර්යාස බලපෑම් හේතුවෙන් අවදානමට ලක්වූ ප්‍රධාන ක්ෂේස්ත්‍ර 09ක පර්ශවකාර ආයතනවල සහභාගිත්වයෙන් පැවැත්වුණි.
ව්‍යාපෘතියේ ඇරඹුම සනිටුහන් කරමින් පරසර අමාත්‍යංශයේ අතිරේක ලේකම් ආචාර්ය සුනිමල් ජයතුංග මහතා සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා සහ අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ GGG ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ෆ්‍රෑන්ක් රයිස්බෙර්මාන් මහතා පැමිණ සිටි පිරිස ආමන්ත්‍රණය කරමින් වැඩසටහන හා එක්විය.
මෙම ව්‍යාපෘතිය මගින් ජාතික මට්ටමේ සිට පළාත් මට්ටම දක්වා දේශගුණ විපර්යාස බලපෑම් හේතුවෙන් අවදානමට ලක්වූ ක්ෂේස්ත්‍ර හා ප්‍රජාවන්ගේ ඔරොත්තු දීමේ හැකියාව ඉහල නැංවීම අපේක්ෂිතය. මෙම ව්‍යාපෘතිය මගින් ජාතික අනුහුරුවීමේ සැලැසුම ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය ශක්තිමත් කිරීම සඳහා උපකාර කරන අතරම බිම් මට්ටමේ ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය තාක්ෂණික හා මුල්‍ය සහාය ලබාදීමට පහසුකම් සැපයේ. ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම තුළින් පහත සඳහන් ප්‍රතිඵල අපේක්ෂිතයි;
- ජාතික අනුහුරු සැලසුම ක්‍රියාත්මක කිරීම සම්බන්ධීකරණය හා මගපෙන්වීම සඳහා ජාතික ධාරිතාවය ශක්තිමත් කිරීම
- දේශගුණ සඳහා අනුහුරුවීමේ ක්‍රමෝපායයන්, ජාතික සංවර්ධන සැලසුම් හා ඒකාබද්ධ කිරීම සඳහා සහාය වීම
- දේශගුණ දත්ත සහ අනුහුරු සැකසුම් මෙවලම් භාවිතය පිළිබඳ ජාතික සහ කලාපීය පාර්ශවකරුවන්ගේ ධාරිතා වර්ධනය
- පර්යේෂණ සහ දැනුම හුවමාරුව තුළින් ආන්තික දේශගුණික බලපෑම් සඳහා පාත්‍ර ප්‍රජාවන් සහ අංශ, අවැසි ප්‍රතිචාර දැක්වීම සඳහා සවිබල ගැන්වීම
- අනුහුරු මුල්‍යකරණය හා සම්පත් බලමුළුගැන්වීම ඉහල නැංවීම සඳහා සහයවීම
- අනුහුරු ක්‍රියාකාරකම්වල ප්‍රතිපල අධීක්ෂණය, වාර්තා කිරීම සහ ඇගයීමට අවැසි ධාරිතා වර්ධනය
ප්‍රධාන දේශක ලෙස මෙම උත්සව අවස්ථාවට එක්වූ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා ජාතික අනුහුරු සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා පළාත් මට්ටමේ සහයෝගිතාවය හා පළාත් සංවර්ධන සැලසුම්වලට අනුහුරු ක්‍රියාකාරකම් ඇතුලත් කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරන ලදී .
ජාතික අනුහුරු සැලසුම ක්‍රියාත්මක කිරීමේ වැඩසටහන හා එක්වූ පාර්ශවකරුවන් සහ නියෝජිත ආයතන, මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම සඳහා ඔවුන්ගේ උපරිම සහයෝගය පළකරන ලදි.




