small gov

පරිසර අමාත්‍යාංශයේ ලේකම්, වෛද්‍ය අනිල් ජාසිංහ මහතා දකුණු ආසියානු පාරිසරික සහයෝගීතා වැඩසටහනේ (සකෙප්), උපදේශක කමිටුවේ සභාපති ලෙස 2021 මාර්තු මස සිට වසරක කාලයක් සඳහා පත් කරන ලදී.

සකෙප් යනු 1982 වසරේදී දකුණු ආසියානු රජයන් විසින් සංගමික ව්‍යවස්ථාවට අනුව කලාපයේ පරිසරය ආරක්ෂා කිරීම, කළමනාකරණය කිරීම සහ වැඩිදියුණු කිරීම ප්‍රවර්ධනය කිරීම සහ සහාය දීම සඳහා පිහිටුවන ලද අන්තර් රාජ්‍ය සංවිධානයකි. සකෙප් හි සාමාජිකත්වය ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව යන රජයන්ගෙන් සමන්විත වේ.

තවද උපදේශන කමිටුව කොළඹ ස්ථානගත වී සිටින සියලුම සාමාජික රටවල රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල නියෝජිතයින්ගෙන් සමන්විත වේ. උපදේශක කමිටු වගකීම වනුයේ පාලක සභාව විසින් තීරණය කරනු ලබන වැඩසටහන් සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට සඳහා පහසුකම් සැලසීමයි.

22 11