හැදින්වීම
අභ්යන්තර කටයුතු ඒකකය යනු රාජ්ය ආයතනයක් තුළ දූෂණය වැළැක්වීම, රාජ්ය නිලධාරීන්ගේ සුපිළිපන්නභාවය තහවුරු කිරීම ආයතනයේ කටයුතු වල විනිවිදභාවය හා වගවීම ප්රවර්ධනය කිරීම සහ ආයතනික කටයුතු වඩාත් කාර්යක්ෂම ලෙස පවත්වාගෙන යාම සඳහා පිහිටවනු ලබන ඒකකයකි.
ඉහත තත්ත්වයන් ළඟා කර ගැනීම සඳහා කටයුතු කිරීම අංශයේ කාර්යභාරය වේ.
අභ්යන්තර කටයුතු ඒකකයේ ප්රධාන අරමුණු
- දූෂණය වැළැක්වීම: ආයතනය තුළ අල්ලස හා දූෂණය වැළැක්වීම සහ සුපිළිපන්නභාවයෙන් යුත් සංස්කෘතියක් ගොඩනැගීම.
- විනිවිදභාවය හා වගවීම සහතික කිරීම: ආයතනයේ සියලුම කටයුතුවල විනිවිදභාවය හා වගවීම තහවුරු කිරීම සහ ආයතනික ක්රියාපටිපාටි හා තීරණ පිළිබඳ තොරතුරු වෙත මහජන ප්රවේශය සහතික කිරීම.
- සදාචාරාත්මක පාලනය ප්රවර්ධනය කිරීම: ආයතනය තුළ ආචාරධර්මවලට අනුකූල යහපාලනයක් ඇති කිරීම.
- විෂමාචාර වාර්තා කිරීමේ ආරක්ෂිත ක්රමවේදයක් සැකසීම: විෂමාචාර හා අක්රමිකතා පිළිබඳ පැමිණිලි කිරීමට ආරක්ෂිත හා පහසු ක්රමවේදයක් සකස් කිරීම, තොරතුරු හෙළි කරන්නන් ආරක්ෂා කිරීම සහ රහස්යභාවය සුරැකීම.
- නීතිය ක්රියාත්මක කිරීම සඳහා සහාය වීම: නීතිය ක්රියාත්මක කරන ආයතන සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම.
අභ්යන්තර කටයුතු ඒකකයේ කාර්යයන්
- පවතින ක්රියාපටිපාටි හා චක්රලේඛ සමාලෝචනය කිරීම: ආයතනයේ පවතින ක්රියාපටිපාටි සහ චක්රලේඛ පරීක්ෂා කර පද්ධතිමය බාධක හඳුනාගෙන, කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා ඒවා සරල කිරීම.
- දූෂණ අවදානම් තක්සේරු කිරීම: දූෂණයට හා සදාචාර විරෝධී ක්රියාවලට අවදානමක් ඇති ක්ෂේත්ර හඳුනාගෙන, ඒවා වැළැක්වීමට ඉලක්කගත ක්රියාමාර්ග ගැනීම.
- ආයතනික අඛණ්ඩතා ක්රියාකාරී සැලැස්මක් සකස් කිරීම හා ක්රියාත්මක කිරීම: ආයතනයට ගැළපෙන දූෂණ විරෝධී අරමුණු හා උපායමාර්ග සහිත සැලැස්මක් සකස් කිරීම.
- ජාතික දූෂණ විරෝධී ප්රතිපත්ති ක්රියාත්මක කිරීම: ජාතික දූෂණ විරෝධී ක්රියාකාරී සැලැස්මට අනුකූලව ආයතනික ප්රතිපත්ති හා භාවිතයන් සකස් කිරීම.
- නීතිමය අනුකූලතාව සමාලෝචනය කිරීම: 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත ඇතුළු අදාළ ජාතික හා ජාත්යන්තර දූෂණ විරෝධී නීතිවලට අනුකූලව කටයුතු කරන්නේදැයි නිරන්තරයෙන් සමාලෝචනය කිරීම.
- වත්කම් හා බැරකම් ප්රකාශන සහ අභිලාෂ ගැටුම් කළමනාකරණය: රාජ්ය නිලධාරීන්ගේ වත්කම් හා බැරකම් ප්රකාශ කිරීමේ අවශ්යතා පිළිපැදීම තහවුරු කිරීම සහ අභිලාෂ ගැටුම් කළමනාකරණය කිරීම.
- පැමිණිලි භාරගැනීම හා කළමනාකරණය: දූෂණ හා සදාචාර විරෝධී ක්රියා සම්බන්ධ පැමිණිලි භාරගැනීමට ආරක්ෂිත ක්රමවේදයක් ස්ථාපිත කිරීම, ඒවාට කඩිනම් ප්රතිචාර ලබාදීම සහ අවශ්ය අවස්ථාවල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට (CIABOC) යොමු කිරීම.
- පුරවැසි ප්රඥප්තිය සකස් කර ප්රසිද්ධ කිරීම: ආයතනය මඟින් සපයන සේවාවන් පැහැදිලිව දැක්වෙන පුරවැසි ප්රඥප්තියක් සකස් කර ප්රසිද්ධ කිරීම.
- ආචාරධර්ම ප්රතිපත්ති ක්රියාත්මක කිරීම: යහපාලනය ප්රවර්ධනය කරන ප්රතිපත්ති සහ රාජ්ය නිලධාරීන් විසින් අනුගමනය කළ යුතු ආචාරධර්ම පද්ධතියක් ස්ථාපිත කර ක්රියාත්මක කිරීම.
- පුහුණු හා දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම: දූෂණ විරෝධී මූලධර්ම පිළිබඳ නිලධාරීන්ගේ දැනුම හා කැපවීම වර්ධනය කිරීම.
- ජාතික දූෂණ විරෝධී අඛණ්ඩතා තක්සේරුව සඳහා සම්බන්ධීකරණය කිරීම: ජාතික අඛණ්ඩතා තක්සේරු ක්රියාවලියට ආයතනයේ සහභාගීත්වය සහතික කර ඒ සඳහා අවශ්ය සම්බන්ධීකරණය සිදු කිරීම.
- CIABOC සමඟ සම්බන්ධීකරණය පවත්වාගෙන යාම: ඒකකයේ කාර්යයන් ඉටු කිරීම සඳහා අවශ්ය මඟපෙන්වීම හා සහාය ලබාගැනීමට කොමිෂන් සභාව සමඟ සම්බන්ධතා පවත්වාගෙන යාම.
- වාර්තා සකස් කිරීම: ඒකකයේ ක්රියාකාරකම්, ප්රගතිය, මුහුණ දෙන අභියෝග සහ ඉදිරි ක්රියාමාර්ග පිළිබඳ කාලානුරූපී හා වාර්ෂික වාර්තා සකස් කිරීම.
- පෞද්ගලික අංශය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම: ආයතනික අඛණ්ඩතාව හා අවංකභාවය වර්ධනය කිරීමේ වැඩසටහන් සැලසුම් කර ක්රියාත්මක කිරීම සඳහා පෞද්ගලික අංශයේ පාර්ශ්වකරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම.
මහජනතාවට සැලසෙන ප්රධාන සේවාවන්
- පැමිණිලි භාරගැනීම: පරිසර අමාත්යාංශයේ නිලධාරීන්ගේ රාජකාරි කටයුතු හා හැසිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලබන දූෂණ, අක්රමිකතා, විෂමාචාර හා අයථා ක්රියා පිළිබඳ පැමිණිලි සහ තොරතුරු භාරගැනීම.
- සේවා සැපයීම පිළිබඳ පැමිණිලි භාරගැනීම: අමාත්යාංශය මඟින් සපයනු ලබන සේවාවන් සම්බන්ධයෙන් ඇතිවන අසාධාරණතා, අනවශ්ය ප්රමාද, ක්රියාපටිපාටිමය බාධා සහ සේවා සැපයීමේ දුර්වලතා පිළිබඳ පැමිණිලි භාරගැනීම.
- පැමිණිලි පිළිබඳ පසු විපරම් කිරීම: ලැබෙන පැමිණිලි අදාළ කරුණු අනුව සලකා බලා, අවශ්ය තොරතුරු ලබාගැනීම සහ අදාළ අංශ හෝ බලධාරීන් වෙත යොමු කිරීම මඟින් සුදුසු පසු විපරම් ක්රියාමාර්ග ගැනීම.
- තොරතුරු සපයන්නන්ගේ රහස්යභාවය ආරක්ෂා කිරීම: අක්රමිකතා පිළිබඳ තොරතුරු සපයන පුද්ගලයන්ගේ අනන්යතාව හා තොරතුරු අදාළ නීති සහ ක්රියාපටිපාටි අනුව ආරක්ෂා කිරීමට කටයුතු කිරීම.
- සේවා වැඩිදියුණු කිරීමේ යෝජනා භාරගැනීම: පරිසර අමාත්යාංශයේ සේවාවන් වඩාත් කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුත් හා මහජන හිතකාමී ලෙස පවත්වාගෙන යාම සඳහා මහජන යෝජනා හා අදහස් භාරගැනීම.
- දූෂණ අවදානම් හඳුනාගැනීම හා වැළැක්වීම: අමාත්යාංශයේ කාර්යපටිපාටි තුළ පවතින දූෂණ හා අක්රමිකතා ඇතිවීමේ අවදානම් හඳුනාගෙන ඒවා වැළැක්වීම සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම.
- අදාළ බලධාරීන් සමඟ සම්බන්ධීකරණය: වැඩිදුර විමර්ශනය හෝ නීතිමය ක්රියාමාර්ග අවශ්ය වන පැමිණිලි අදාළ බලධාරීන් හා නීතිය ක්රියාත්මක කරන ආයතන වෙත යොමු කිරීම සහ අවශ්ය සම්බන්ධීකරණය සිදු කිරීම.
- විනිවිදභාවය හා වගවීම ප්රවර්ධනය කිරීම: අමාත්යාංශයේ කටයුතු සම්බන්ධයෙන් මහජන විශ්වාසය තහවුරු කිරීම, රාජ්ය නිලධාරීන්ගේ වෘත්තීය ආචාරධර්ම ප්රවර්ධනය කිරීම සහ යහපාලන මූලධර්ම ශක්තිමත් කිරීම.
මහජනතාවට පැමිණිලි ඉදිරිපත් කළ හැක්කේ කෙසේද?
- ලිඛිත පැමිණිල්ලක් අතින් භාරදීමෙන්.
- ලිඛිත පැමිණිලි පැමිණිලි පෙට්ටියට යොමු කිරීම මගින්.
- තැපෑල මගින්.
- දුරකථන හෝ WhatsApp මඟින්.
- විද්යුත් තැපෑල හෝ මාර්ගගත පද්ධතියක් ඔස්සේ.
"ආචාර ධර්ම සංග්රහය - පරිසර අමාත්යාංශය" "சுற்றுாடல் அமைச்சின் ஒழுக்க விதிகள்"
අභ්යන්තර කටයුතු ඒකකය සම්බන්ධ කරගත හැකි ආකාර:
තැපෑල මගින් - ලේකම් , “සොබාදම් පියස”, 416/C/1, රොබට් ගුණවර්ධන මාවත, බත්තරමුල්ල
දුරකථන - 0112 - 034159
විද්යුත් ලිපිනය - இந்த மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும். / இந்த மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும்.
WhatsApp - 0702509509
QR කේතය -






