ශ්‍රී ලංකාවේ රක්ෂිත ප්‍රදේශ ජාලයෙන් පිටත දී හමුවන, ඉහළ ජෛව විවිධත්ව වටිනාකමකින් හෙබි, ඒ නිසාම ජෛව විවිධත්ව සංරක්ෂණය සහ පරිසර පද්ධති සේවා හෝ අනෙකුත් ස්භාවික සම්පත්හි ඵලදායීතාව තිරසාරව පවත්වාගෙන යාම සඳහා පරිසර අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත්කරන ලද ශ්‍රී ලංකාවේ පාරිසරික සංවේදී ප්‍රදේශ පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය මගින් යෝජනා කරන ලද උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම සඳහා වන ජාතික මාර්ගෝපදේශය වලංගුකිරීමේ වැඩමුළුව 2025 ඔක්තෝබර් 30 වන දින පෙ. ව. 9.00 සිට ප. ව. 2.00 දක්වා මධ්‍යම පරිසර අධිකාරියේ ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී. රාජ්‍ය හා රාජ්‍ය නොවන පාර්ශ්වකාර ආයතන හා සංවිධානයන්හි නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙම වැඩමුළුව පැවැත්වූ අතර මෙහිදී ඉහත මාර්ගෝපදේශය වලංගු කරන ලදී.



