small gov

පැහැදිළි නොගැඹුරු මුහුද, තෙරක් නොපෙනනෙ ඉන්දියන් සයුර වෙත සෙමින් බැසයන සුන්දර සුදු වැලි තලාව සහිත වෙරළ තීරය නිසාවෙන් ලෝක ප්‍රකට වී ඇති ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළබඩ පිහිටා ඇති ත්‍රිකුණාමලය දෙස් විදෙස් සංචාරක සුන්දර අත්දැකීම් පිරි නමන නිවාඩු නිකේතනයකි.

නිලාවැලි වෙරළ තීරය- දිවයින ආරක්ෂා කරන්නා වූ හරිත නිල්, හිරියල්, සැමන් රෝස, ධූමල අළු, වැලිගල් සහ තද නිල් ආදී නේකවිධ වර්ණයන්ගෙන් යුත් කොරල් පර අතර විචිත්‍රවත් පාරභාසක දිය යට ලෝකයක කොරල් පර සහ ගල්පර අතර ඔබ මොබ වේගයෙන් ගමන් කරන රන්වන් පැහැ මසුන්ගේ සුන්දර දසුනෙන් ඔබේ නෙත් සනහාලමින් කෙළිදෙළෙන් කල් ගෙවමින් පිහිනමින් කල් ගත හැකි ස්ථානයකි.

කොළඹ සිට කිලෝ මීටර 275 ක් දුරින් නැගෙනහිර වෙරළ තීරයේ පිහිටා ඇති නිලාවේලි වෙරළ දසත විහිදුණු සුදුවැලි තලාවකින් සහ නිල්වන් අහස් කුසකින් හෙබි නොකිලිටි සහ ආසියාවේ සුන්දරතම නොකැළැල් වෙරළ තීරයක් සේ සැලකේ. අප්‍රේල් සිට ඔක්තෝබර් දක්වා වූ කාල වකවානුව නැගනෙහිර වෙරළ තීරයේ ගත කිරීමට සුදුසුම කාලය සේ සැලකේ.

මේ වන විට සංක්‍රමණික පක්ෂීන් සඳහා අභිජනන භූමියක් වන පරෙවි දූපත දර්ශනය වන මෙම ප්‍රදේශය දෙවන ලෝක යුධ සමයේදි බ්‍රිතාන්‍යයන් විසින් වෙඩි තැබීම පුහුණුවීම සදහා යොදා ගෙන ඇත. පරෙවි දූපත ස්නෝකලයක් ආධාරයෙන් දිය යට පිහිනීමේ ක්‍රීඩාව සඳහා කදිම පිහිටීමකි. ත්‍රිකුණාමලයේ හරිත වර්ණ මුහුදු බොක්ක බෙදාලන ස්වාමි කන්ද මුදුනෙහි ප්‍රකට හින්දු කෝවිලක් පිහිටා ඇත. ත්‍රකුණාමලයේ තවත් වැදගත් ස්ථානයක් වනුයේ යටත් විජිත ඉතිහාසයේ නශ්ඨාවශේෂයක් වන ෆ්‍රෙඩ්රික් බලකොටුවයි.

නැගෙනහිර වෙරළේ නිලාවේලි මුහුදු වෙරළ අදටත් නොකිලිටිව, නොකැලැල්ව හා ඉතා පුද්ගලිකව පවතී.- එය නිසැකවම ශ්‍රී ලංකාවේ හොඳම වෙරළ තීරය වන්නා සේම ආසියායේ ප්‍රධානතම සුන්දර වෙරළ තීරයක් වන්නේය.