small gov

රටක තිරසාර සංවර්ධන සංකල්ප ක්‍රියාත්මක කිරීමේ දීහරිත සංවර්ධන මූලාරම්භයන් නව්‍යමය මෙවලමක් වශයෙන් භාවිතා කළ හැක. ඒ අනුව පරිසර සැලසුම් හා ආර්ථික අංශය තිරසර සංවර්ධන ප්‍රතිපත්තීන්,ජාතික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාවලිය සමඟ අනුගත කිරීම සඳහා කැපවේ.පරිසර අමාත්‍යාංශයේ මෙහෙවර අනුව, රටේ ස්වාභාවික සම්පත් සහ පරිසර පද්ධති සේවාවන් තිරසාරව පවත්වාගෙන යාම සඳහා පහත සඳහන් හරිත මූලාරම්භයන් ක්‍රියාවට නැංවීම මෙම අංශය මඟින් සිදු කෙරේ.

වගකිවයුතු ක්ෂේත්‍ර

  • ජාතික පාරිසරික ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම
  • සුරකිමු ගංඟා ජාතික පාරිසරික වැඩසටහන සම්බන්ධීකරණය කිරීම
  • තිරසාර පරිභෝජන හා නිෂ්පාදන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම
  • හරිත ප්‍රසම්පාදන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම
  • පරිසර හිතකාමී විකල්ප නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම,හරිත රැකියා හා තිරසර පරිසර ගමිමාන ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීම.
  • කර්මාන්ත හරිතකරණය කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම
    • පරිසර ලේබල් වැඩසටහන ප්‍රවර්ධනය කිරීම හා ක්‍රියාත්මක කිරීම
    • ශ්‍රී ලංකාවේ ජාතික හරිත වාර්තාකරණ පද්ධතිය ක්‍රියාත්මක කිරීම
  • අදාළ අංශවල හරිත ගිණුම්කරණ පද්ධතියක් ස්ථාපිත කිරීම සහ ජාතික සංවර්ධන සැලසුම් වලට ඇතුළත් කිරීම
  • අදාළ තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා සම්බන්ධීකරණය කිරීම සහ වාර්තාකරණ යාන්ත්‍රණය ස්ථාපිත කිරීම
  • පාරිසරික සංවේදී ප්‍රදේශවල ජෛව විවිධත්වය සහ පරිසර පද්ධති සේවා සංරක්ෂණය / ප්‍රතිෂ්ථාපනය හා කළමනාකරණය කිරීම සඳහා ප්‍රතිපත්ති / උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම
  • ලෝක මිහිතල දිනය සැමරීම
  • හරිත මුලාරම්භක පිළිබඳ දැනුවත් කිරීම

අපේ කණ්ඩායම

Ms Kumudiniඑන්.කේ. විද්‍යාලංකාර මිය
අධ්‍යක්ෂ

P Yashodaraපී. යසෝදරා මෙය
නියෝජ්‍ය අධ්‍යක්ෂ


සහකාර අධ්‍යක්ෂ
 
 
 
 
 

පරිසර සැලසුම් හා ආර්ථික