small gov

ජෛව සුරක්ෂිතතාවය පිළිබඳ කාර්ටජිනා සන්ධානයට අනුගතව ජාතික ජෛව සුරක්ෂිතතා මූලාකෘතිය ක්‍රියාත්මක කිරීමේ ව්‍යාපෘතිය

නවීන ජෛව තාක්ෂණයෙන් ශ්‍රී ලංකාවට ලබාගත හැකි උපරිම ප්‍රතිලාභ අත්කර ගැනීම අරමුණු කරගනිමින් 2017 වර්ෂයේ සැප්තැම්බර් මස සිට ජෛව සුරක්ෂිතතාවය පිළිබඳ කාර්ටජිනා සන්ධානයට අනුගතව ජාතික ජෛව සුරක්ෂිතතා මූලාකෘතිය ක්‍රියාත්මක කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී. මෙම ව්‍යාපෘති සඳහා ගෝලීය පාරිසරික පහසුකම මඟින් ලබාදෙන මූල්‍යාධාර යටතේ එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහයෝගය සහිතව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරයි.

ව්‍යාපෘතියේ මුල්‍ය වටිනාකම :- ඇමරිකානු ඩොලර් මිලියන 2.3
ව්‍යාපෘති කාලය : වසර 4 (2017 – 2021)

මෙම ව්‍යාපෘතිය ප්‍රධාන සංරචක 4 කින් සමන්විත වේ.

  • ජෛව සුරක්ෂිතතාව සදහා ප්‍රතිපත්තිමය , ආයතනික හා නියාමනය කිරීමේ යාන්ත්‍රණයක් සකස් කිරීම
  • ජෛව සුරක්ෂිතතාවය පිළිබඳ අවදානම් තක්සේරුව, අවදානම කළමනාකරණය හා අවදානම පිළිබඳ සන්නිවේදනය සදහා අවශ්‍ය පහසුකම් ඉහළ නැංවීම
  • ජාන විකරණය කරන ලද ජීවින් අනාවරණය කර ගැනීමට හා හදුනා ගැනීමට අවශ්‍ය තාක්ෂණික ධාරිතාවය වර්ධනය කිරීම හා යටිතල පහසුකම් ඉහළ නැංවීම
  • මහජනතාව අතර දැනුවත්භාවය , අධ්‍යාපනය ඇතිකිරීම හා තීරණ ගැනීමේදී මහජනතාවගේ සහභාගිත්වය ලබා ගැනීම