small gov

ජෛවවිවිධත්ව අංශය මගින් ජෛවවිවිධත්ව සංරක්ෂණය,ජෛවවිවිධත්ව සංඝටක තිරසාර ලෙස භාවිතා කිරීම හා ජාන සම්පත් භාවිතයෙන් ලැබෙන ප්‍රතිලාභ සමානව බෙදීයෑම යන අරමුණූ සාක්ෂාත් කරගැනීම උදෙසා විවිධ කාර්යයන් රැසක් සිදුකරනු ලබයි.

මෙකී අරමුණු සපුරාලීම සඳහා මේ වනවිට 2016 වසරේ සිට 2022 වසර දක්වා බලපැවැත්වෙන පරිදි ක්‍රියාවට නංවා ඇති ජාතික ජෛවවිවිධත්ව උපාය මාර්ගික ක්‍රියාකාරී සැලැස්මට අනුව කාර්යයන් ඉටුකරනු ලබන අතර මෙම කාර්යයන් ජාතික ජෛවවිවිධත්ව විද්වත් කමිටුව ප්‍රධාන කොටගත් විවිධ විෂය පථයන් හි විද්වතුන්ගෙන් සමන්දිවිත වන විද්වත් කමිටු රැසක මාර්ගෝපදේශකත්වය යටතේ සිදුකරනු ලබයි.

කාර්යභාරය

  • ජෛවවිවිධත්ව සංරක්ෂණය සහ තිරසර භාවිතය පිළිබද ජාතික ප්‍රතිපත්තීන් සම්පාදනය, අවශ්‍ය අවස්ථාවලදී නැවත සලකා බලා සංශෝධනය කිරීම, උපායමාර්ග සහ ක්‍රියාකාරී සැලසුම් සකස් කිරීම.
  • ජාතික මට්ටමින් ජෛවවිවිධත්ව ස්ථානීය සංරක්ෂණය සහ පරිභාහිර සංරක්ෂණයට අදාළ ක්‍රියාකාරකම්, ව්‍යාපෘතී සහ වැඩසටහන් සම්බන්ධීකරණය, ක්‍රියාත්මක කිරීම සහ අධීක්ෂණය කිරීම.
  • ජෛවවිවිධත්වයට අදාළ පර්යේෂණ අධ්‍යනයන් සදහා දායකත්වය ලබාදීම.
  • ජෛවවිවිධත්වය සම්බන්ධයෙන් වු ජාතික විශේෂ සංරක්ෂණ විද්වත් කමිටු ස්ථාපනය කිරීම සහ මෙහෙයවීම.
  • එක්සත් ජාතීන්ගේ ජෛවවිවිධත්ව සම්මුතිය, අනෙකුත් ඒ හා සම්බන්ධ සම්මුතීන් සහ ගිවිසුම් වලට අදාළ වගකීම් එහි ජාතික කේන්ද්‍රීය ආයතනය වශයෙන් ක්‍රියාත්මක කිරීම සහ සම්බන්ධීකරණය කිරීම.
  • ජෛවවිවිධත්වයට අදාළ පාරම්පරික දැනුම සහ සංස්කෘතික ක්‍රියාකාරකම් සංරක්ෂණය කිරීම.
  • ජෛවවිවිධත්ව සංරචකයන්ට අදාළ දත්ත පද්ධති සැකැසීම, යාවත්කාලීන කිරීමේ කටයුතු සිදු කිරීම.
  • ශ්‍රී ලංකාවේ ජාතික ජෛව සුරක්ෂිතතාව පිළිබද රාමුව, ජෛව සුරක්ෂිතතා ප්‍රතිපත්තිය සැකසීමෙන් අනතුරුව එය ක්‍රියාත්මක කිරීම සහ ජෛව සුරක්ෂිතතාව පිළිබද පනත සැකසීම.
  • ජානමය සම්පත් වෙත ප්‍රවේශය සහ ප්‍රතිලාභ සමාන සහ සාධාරණ ලෙස බෙදාහදා ගැනීම පිළිබද වු නගෝයා සන්දානයේ කටයුතු සම්බන්ධීකරණය කිරීම.
  • ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සංරක්ෂණය, තිරසර භාවිතය සහ ප්‍රතිලාභ සමාන හා සාධාරණ ලෙස බෙදාහදා ගැනීමට අදාළ ජාතික ජෛවවිවිධත්ව උපායමාර්ගික ක්‍රියාකාරී සැලැස්ම
    ක්‍රියාත්මක කිරීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම.
  • ජාතික ජෛවවිවිධත්ව තොරතුරු නිෂ්කාෂණ යාන්ත්‍රණය යාවත්කාලීන කිරීම.
  • ශ්‍රී ලංකාවේ ජෛවවිවිධත්වය සංරක්ෂණය සහ තිරසර භාවිතය පිළිබද විවිධ කණ්ඩායම් ඉලක්ක
  • කරගනිමින් දැනුවත් කිරීමේ කටයුතු සිදු කිරීම සහ ඒ සදහා අවශ්‍ය දැනුවත් කිරීමේ මෙවලම් සකස් කිරීම.
  • ජෛවවිවිධත්වයට අදාළ නීතී රෙගුලාසි සහ බහු පාර්ශවීය ගිවිසුම් ක්‍රියාත්මක කිරීම.
  • කෘෂි ජෛවවිවිධත්වයට සහ ජෛව ආර්ථිකයට අදාළ වැඩසටහන් සහ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම සහ සම්බන්ධීකරණය කිරීම.
  • ආක්‍රමණකාරී ආගන්තුක ජීවී විශේෂ පාලනය සහ කළමනාකරණයට අදාළ කටයුතු සිදු කිරීම.

අපේ කණ්ඩායම

Ms Kumudiniකේ.එන්.කේ. විද්‍යාලංකාර මෙය 
අධ්‍යක්ෂ

ඒ.ඒ.ආර්.එස්.කේ. බක්මීදෙණිය මිය
සහකාර අධ්‍යක්ෂ

ආර්.එම්.එන්.පී. රණසිංහ මිය
සහකාර අධ්‍යක්ෂ

wpsd pathiranaඩබ්.පී.එස්.ඩී. පතිරණ මිය
සහකාර අධ්‍යක්ෂ