small gov

ජාතික පරිසර ප්‍රතිපත්ති සම්පාදනය සහ පරිසර සංරක්ෂණය සඳහා වනකේන්ද්‍රස්ථානය ලෙස පරිසර විෂයභාර අමාත්‍යාංශය කටයුතු කරයි. ඒ අනුව රාජ්‍ය අංශය, පුද්ගලික අංශය, රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු සියළුම පාර්ශව සමග එක්ව පරිසර කළමනාකරණයට හා නියාමනයට සම්බන්ධ ක්‍රියාකාරකම් මෙන්ම අවශ්‍ය ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනිමද අමාත්‍යාංශය මගින් සිදුකරයි.

රජයේ ප්‍රතිපත්ති රාමුවෙහි පරිසර විෂයට අදාළව පැහැදිලි ඉලක්ක අන්තර්ගත කොට ඇත. එම ඉලක්ක සපුරා ගැනීම සඳහා අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක කිරීමේ දී පාර්ශවකරුවන් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය, භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සහ අදාළ රේඛීය අමාත්‍යාංශත් අනෙකුත් දෙපාර්තමේන්තු ඇතුළු සියලුම ආයතන අතර මනාව සම්බන්ධීකරනය කර ගනිමින් සහයෝගය ශක්තිමත්ව පවත්වා ගැනීමත්, පරිසර ප්‍රවර්ධනය සහ සංවර්ධනයෙහි ලා ධනාත්මකව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙමි.

මෙම සැලසුම් සාර්ථක කරගැනීම සඳහා අවශ්‍ය වැඩසටහන් අතර ජෛව විවිධත්ව සංරක්ෂණය, වන ආවරණ ඉහළ නැංවීම, දේශගුණ විපර්යාස වලින් ඇති වන අහිතකර බලපෑම සඳහා මුහුණ දීමේ හැකියාව ගොඩනැගීම, තිරසාර ලෙස ඛණිජ සම්පත් ගවේෂණය හා කළමනාකරණය කිරීම, තිරසාර පරිභෝජන සංකල්ප හදුන්වාදීම ආදී විෂය ඉලක්ක ලඟා කර ගැනීම ආශ්‍රිත ක්‍රියාකාරකම් ප්‍රමුඛතාවයක් ගනී. එසේම රටේ යටිතල පහසුකම් සහ ඉඳි කිරීම් ක්ෂේත්‍රයට නව මානයක් එක් කරමින් පරිසර හිතකාමී ඉඳිකිරීම් සිදුකිරීම සඳහා ද පියවර ගනිමින් ඇත.

වන සංරක්ෂණය, ජල සංරක්ෂණය, පාංශු සංරක්ෂණය, වෙරළ සංරක්ෂණය, කසල කළමනාකරණය, බලශක්ති කළමනාකරණය හා ශබ්ද කළමනාකරණය වැනිපාරිසරික වගකීම් පිළිබද ජනතාවගේ දැනුවත්භාවය වර්ධනය කොට එහිලා ජනතා සහභාගීත්වය ඉහළනැංවීම සඳහා ක්‍රියාත්මක වෙමින් පවතී. එසේම මෙම අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති හා වැඩසටහන් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා ඉතා වැදගත් වන මානව සම්පතින් ද මෙම අමාත්‍යාංශය ශක්තිමත් බව මෙහිදී සඳහන් කරමි.