small gov

අංශය විසින් සපයනු ලබන සේවාවන්

පරිසර දූෂණය පාලනය පිළිබඳ මහජන පැමිණිලි විසදීමට දායක වීම.

රසායනික ද්‍රව්‍ය හා අපද්‍රව්‍ය පිළිබඳ ජාතික තීරණ ගැනීම සඳහා BRSM (බාසල්, රොටඩෑම්, ස්ටොක්හෝම්, මිනමාටා) කමිටුවේ ජාතික සම්බන්ධීකරණ කමිටුව පැවැත්වීම.

අත්සන් කරන ලද සම්මුතීන්, කෙටුම්පත්, ගිවිසුම් සහ අරමුදල් සපයන ආයතන

  • සම්මුතීන්
    • උපද්‍රවකාරී අපද්‍රව්‍ය රටවල් අතර සංසරණය පාලනය කිරීම සහ ඒවා බැහැර කිරීම පිළිබඳ බාසල් සම්මුතිය (බාසල්)-www.basel.int 1980 ගණන්වල අගභාගයේදී කාර්මික රටවල පාරිසරික රෙගුලාසි දැඩි කිරීම උපද්‍රවකාරී අපද්‍රව්‍ය බැහැර කිරීමේ පිරිවැය ඉහළ නැංවීමට හේතු විය. අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා ලාභදායී ක්‍රම සොයමින් “වෙළෙන්දෝ” සංවර්ධනය වෙමින් පවතින රටවලට සහ නැගෙනහිර යුරෝපයට උපද්‍රවකාරී අපද්‍රව්‍ය නැව්ගත කිරීමට පටන් ගත්හ. මෙම ක්‍රියාකාරකම හෙළි වීම බාසල් සම්මුතිය කෙටුම්පත් කිරීමට හා සම්මත කිරීමට හේතු විය.
    • දිගූකල් පවතින කාබනික දූෂක පිළිබඳ ස්ටොක්හෝම් සම්මුතිය (POPs) - www.pops.int කාබනික දූෂක පිළිබඳ ස්ටොක්හෝම් සම්මුතිය යනු දීර්ඝ කාලයක් තිස්සේ පරිසරය තුළ නොවෙනස්ව පවතින, භූගෝලීය වශයෙන් පුළුල් ලෙස ව්‍යාප්ත වී මිනිසුන්ගේ සහ වන ජීවීන්ගේ මේද පටක තුලට එකතු වන රසායනික ද්‍රව්‍ය වලින් මානව සෞඛ්‍යය හා පරිසරය ආරක්ෂා කිරීම සඳහා වන ගෝලීය ගිවිසුමකි.
    • රසදිය පිළිබඳ මිනමාටා සම්මුතිය - www.mercuryconvention.org රසදිය පිළිබඳ මිනමාටා සම්මුතිය රසදියෙහි අහිතකර බලපෑම් වලින් මානව සෞඛ්‍යය හා පරිසරය ආරක්ෂා කිරීම සඳහා වන ගෝලීය ගිවිසුමකි
    • ජාත්‍යන්තර වෙළඳාමේ ඇතැම් උපද්‍රවකාරී රසායනික ද්‍රව්‍ය හා පළිබෝධනාශක සඳහා පූර්ව දැනුම් දීමේ ක්‍රියා පටිපාටිය පිළිබඳ රොටර්ඩෑම් සම්මුතිය, රොටර්ඩෑම් සම්මුතිය යනු අන්තරායකර රසායනික ද්‍රව්‍ය ආනයනය කිරීම සම්බන්ධයෙන් හවුල් වගකීම් ප්‍රවර්ධනය කිරීම සඳහා වන බහුපාර්ශ්වික ගිවිසුමකි
  • අරමුදල් සපයන ආයතන
    • ගෝලීය පරිසර පහසුකම (GEF) / එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය - (UNIDO)
    • ශ්‍රී ලංකාවේ කාබනික දූෂක පිළිබඳ ස්ටොක්හෝම් සම්මුතිය (POP) යටතේ සංශෝධිත ජාතික ක්‍රියාකාරී සැලැස්ම (NIP)
    • ශ්‍රී ලංකාවේ POPs පළිබෝධනාශක පිළිබඳ ඉන්වෙන්ටරි යාවත්කාලීන කිරීම
    • ශ්‍රී ලංකාවේ පොලික්ලොරිනේටඩ් බයිෆිනයිල් (PCB) සංශෝධිත ඉන්වෙන්ටරි
    • ශ්‍රී ලංකාවේ පර්ෆ්ලෝරොඔක්ටේන් සල්ෆෝනේට් (PFOS) සහ එහි ලවණ පිළිබඳ මූලික ඉන්වෙන්ටරි
    • ශ්‍රී ලංකාවේ ඩයොක්සින් සහ ෆියුරාන් ඉන්වෙන්ටරි යාවත්කාලීන කිරීම
    • ශ්‍රී ලංකාවේ පොලිබ්‍රෝමිනේටඩ් ඩයිෆිනයිල් ඊතර් (PBDE) සහ හෙක්සබ්‍රෝමෝ බයිෆිනයිල් (HBB) හි මූලික ඉන්වෙන්ටරි
  • අංශයේ ප්‍රධාන කාර්යයන්

    • පහත සඳහන් අන්තර් ජාතික සම්මුතීන්ගේ ක්‍රියාකාරී කේන්ද්‍රීය ලක්ෂය ලෙස ක්‍රියා කරයි
      • බාසල් සම්මුතිය
      • මිනාමාටා සම්මුතිය
      • ස්ටොක්හෝම් සම්මුතිය
      • ජාත්‍යයන්තර රසායනික කළමනාකරණය සඳහා උපාය මාර්ගික ප්‍රවේශය (SAICM)
      • රොටඩෑම් සම්මුතිය - රොටර්ඩෑම් සම්මුතිය යටතේ කාර්මික රසායනික ද්‍රව්‍ය සඳහා කේන්ද්‍රීය ලක්ෂය මධ්‍යම පරිසර අධිකාරියයි
    • සාමාන්‍ය හා උපද්‍රවකාරී අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ප්‍රතිපත්ති, උපාය මාර්ග සහ ක්‍රියාකාරී සැලසුම් සකස් කිරීම
    • රසායනික ද්‍රව්‍ය හා අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ජාතික ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
    • රසායනික ද්‍රව්‍ය හා අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ජාතික ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.
    • පොලික්ලොරිනේටඩ් බයිෆිනයිල් (PCB) හා පොලික්ලොරිනේටඩ් බයිෆිනයිල් අඩංගු උපකරණ පරිසර හිතකාමී ලෙස කළමනාකරණය හා බැහැර කිරීමේ ව්‍යාපෘතිය
    • මිනමාටා මූලික තක්සේරුව ව්‍යාපෘතිය (දෙවන අදියර)
    • සාමාන්‍ය හා උපද්රවකාරී අපද්‍රව්‍ය කළමනාකරණය, පරිසර දූෂණය පාලනය, රසායනික ද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීමේ හා පුහුණු වැඩසටහන් පැවැත්වීම
    • රසායනික ද්‍රව්‍ය හා අපද්‍රව්‍ය කළමනාකරණය හා පරිසර දූෂණය පාලනය කිරීම සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල හා පර්යේෂණ මධ්‍යස්ථාන සමඟ සහයෝගයෙන් පර්යේෂණ ව්‍යාපෘතියක් පැවැත්වීම.
    • පරිසර දූෂණය පිළිබඳ මහජන පැමිණිලිවලට ප්‍රතිචාර දැක්වීම සහ ඒවා විසඳීමේදී අදාළ ආයතන සමඟ සම්බන්ධීකරණය කිරීම.
    • ඩෙංගු වැළැක්වීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම.
    • ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම
    • ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රියාකාරී සැලැස්ම සකස්කිරීම හා ක්‍රියාත්මක කිරීම
    • අදාළ පාර්ශවකරුවන් සමඟ අපද්‍රව්‍ය බැහැර කිරීමේ ස්ථාන (කසල කඳු) ආරක්ෂිතව වසාදැමීමේ සහ පුනරුත්ථාපන කිරීමේ අත්පොත සකස් කිරීම.

    ජාත්‍යයන්තර සහ ජාතික දින සැමරුම්

    • ගෝලීය ප්‍රතිචක්‍රීකරණ දිනය - මාර්තු 18
    • ජාතික දෘශ්‍ය දූෂණය පිළිබඳ දැනුවත් කිරීමේ දිනය - අප්‍රේල් 29
    • ගෝලීය අපද්‍රව්‍ය හසුරවන්නන්ගේ දිනය - ජූනි 17
    • ජාත්‍යන්තර ප්ලාස්ටික් බෑග් වලින් තොර දිනය - ජූලි 3
    • ලෝක ජල ආවේක්ෂණ දිනය - සැප්තැම්බර් 18
    • ආහාර අපතේයාම සහ ආහාර අපද්‍රව්‍ය අවම කිරීම පිළිබඳ ජාත්‍යන්තර දැනුවත් කිරීමේ දිනය - සැප්තැම්බර් 29
    • ජාත්‍යන්තර විද්‍යුත් අපද්‍රව්‍ය දිනය - ඔක්තෝබර් 14
    • ජාතික පරිසර දූෂණය වැළැක්වීමේ සතිය - ඔක්තෝබර් 25- 31

    අපේ කණ්ඩායම


    jeewaඅයි. ජේ. කේ. පලුගස්වැව මිය
    අධ්‍යක්ෂ

    jeewanthi ජීවන්ති රණසිංහ මෙය
    සහකාර අධ්‍යක්ෂ
     
     
     
     

    This page is under construction